16

1.1K 108 0
                                    

#Mr_අතිපණ්ඩිත
            ______♥️ 16 කොටස ♥️______

හිත සැනසෙන...
පෙම් හීසර විඳින...
හැමතිස්සෙම ගැස්සෙන...
ඇස් දෙක ලඟ මා....
නතර උනා තුරු වීලා...
නොදනිමී...
කෙලෙසකදෝ..
පෙම් බැන්ඳේ මෙලෙසින්..
හැංඟුනු සිතිවිලි අස්සෙ..
තෝරනු බෑ...
නුඹ වෙනුවෙන්ම ලියූ ආල කතා...
ඉන්නම් දුරින්...
ලං නොම වී කිසිත්..
හමුවන තුරු...
කුමරානන් මා පතනා...
ඔය සිත් ගැබේ සිරවී සිටිනා...

මට බැලුණෙ කෙනාර් දිහා. බෙල්ලත් ලාවට හරවන් ලා හිනාවක් එක්ක ඇස් දෙකත් ලාවට හීනි කරන් බලන් හිටියෙ අමුතුම බැල්මක්. මොහොතකට මගෙ ඇස් ඒ බැල්ම ගාව ගැස්සුණා කීවෙ නැත්තම් බොරු. හිත ඇතුළටම කෙනාර්ගෙ ඒ බැල්මෙ ලියවුණ නොතේරුණ කතාවක් දැනුණෙ නෑ කීවොත් බොරු. තප්පර ගාණක් පැටලිලා තියෙන්න ඇති මගෙ ඇස් ඒ බැල්මත් එක්ක. ආඩම්බරකම අස්සෙ හැංගුණ අමුතුම හැඟීම් ගොන්නක් කැටිවෙලා ඒ ඇස් අස්සෙ. තේරුම් ගන්න තියා හිතන්නවත් බෑ මට.

ක්ෂණිකව මම මුදවගත්ත කෙනාර්ගෙ ඒ අමුතු බැල්ම අස්සෙ හිරවෙලා තිබ්බ ඇස්. ලාවට ඈතින් තිබ්බ වීදිපහනෙ ආලෝකය ඇරෙන්න ඒ හරිය කළුවරයි.

"අපි යං අනේ"

ඇහෙන නෑහෙන ගාණට තිහාරා කීවෙ නිකන් බයවෙලා වගේ. හැබැයි අනීෂනම් හිටියෙ ගාණක්වත් නැතිව. පටු පාර පුරා හිටපු කෙනාර්ලගෙ කට්ටිය දෙපැත්තට වෙලා ඉඩ දෙනකොට අපි තුන් දෙනා අඩිය ඉක්මන් කරලා එයාලව ඉස්සර කරන් එන්න ආවා. කෙනාර්ව දන්නව උනත් එතන හිටියෙ පිරිමි ළමයිම පස් දෙනෙක්. ඉතින් ඒ ඇස් දහයම යොමුවෙලා තිබ්බෙ අපි තුන් දෙනා දිහාවට. එහෙම වෙද්දි දැනුණෙ පුදුම අපහසුවක් වගේම තැතිගැන්මක්.

"යනවානම් අනේ මං අරන්....."

පිරිමි ළමයි ගොඩක් මැද්දෙන් යද්දි මගෙ වගේම අනිත් දෙන්නගෙත් පපුව වේගෙන් ගැහෙන්න ඇති. ඒත් අර කටකාර නිරාන් ඇහෙන නෑහෙන ගාණට ඒ සිංදුව මිමිණුවෙ අපි දිහාම බලාගෙනද කොහෙද. ඒත් එක්කම දිස් ගාලා කවුරුහරි නිරාන්ගෙ පිටට එක්ක ගැහුවා. ඒකනම් සැර පාරක්.

"ඌහ් මොකද යකෝ"

නිරාන් කියන කෙනා ඇහුවෙ කේන්තියෙන්.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now