chapter 11🖤

130 18 9
                                    



ටික කාලයක් එහෙම වෙනස් වුණා. මිෂෙල් එක්ක කතා නොකර ඉන්න හිතුවත් මෙතුට ඒක කරන්න බෑ.
මිෂෙල් ළමයින්ගෙන් බුලි කරපු එකට සමාව ගන්න කිව්වත් අනිත් දෙන්නාගේ දැඩි අප්‍රසාදය මැද ඒක අහෝසි වුණා.


"මේ බන් අර පොඩි එකි දැන් හොදට ස්විම් කරනවා නෙ, කොච් කිව්වලු මේ පාර ටුනමන්ට්ස් වලට යද්දි එයාව අනිවා අරන් යනවා කියල"

"එහෙමද"

රොෂෙල් කියවන් ගියත් මෙතු ඇහුවෙ එච්චරයි.


"මොකද බන් ඔහොම වරෙන් කැන්ටින් එකටවත් යමන්"

"යමන්කෝ එහෙනම් උභගේ අනිත් එකටත් එන්න කියපම්"

________________

තුන් දෙනාම කැන්ටින් එකට ගියා. සෙනුත් එයාගෙ යාලුවො එක්ක ඇවිත් හිට්යේ ෆ්‍රී පිරියඩ් එකක් නිසා.


මෙතුට ඕනි සෙනු එක්ක සාමාන්‍ය විදියට ඉන්න ඒත් මොකක්දෝ හේතුවකට මෙතුට දැන් සෙනු දකිද්දී එයාව පාලනය කරගන්න බෑ.ඒකට හේතුව එයා සෙනු ඉස්සරහ චාටර් උණ එකද නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද කියල මෙතුට හිතාගන්න බෑ.

"ඒ සෙනුකි"

මෙතු ගැස්සිලා ගියේ මිෂෙල් සෙනුට කතා කරද්දි


"ඔයි උභට පිස්සුද ඇයි උන්ට කතා කරන්නේ"

" මේ දැන් එයාල එක්ක හොදින් ඉන්න ඒක වරද්දක්ද මෙතු ඔයාලා දෙන්නට පිස්සු ළමයි එක්ක යාලුවො විදියට හොදින් ඉන්නෝන"

"හරි හරි ඕනි එකක් කරගනිම්"

මෙතු කටවහගත්තේ මිෂෙල් එක්ක කතාකරල දිනන්න බැරි නිසා.


"හෙලෝ මිෂෙල් අක්කි"

"ඔයාලත් කැන්ටින් ආවාද"

"ඔවු අනෙ අපිට දැන් ෆ්‍රී පිරියඩ් "

"ඔයා මොනාද කෑවේ සෙනු"

"අර රොටි තියෙන්නේ එවා,අනෙ ඒවා සැරයි අප්පා"

"ඒවා සැර නෑ මැට්ටියේ ලුණු මිරිස් සැර"


"අයියො රොෂෙල් අක්කි"



මෙතු මුකුත් කිව්වේ නෑ. කිව්වේ නෑ නෙමෙ එයාගෙ වචන ආවෙ නෑ.එයා බලන් හිටියෙ ලුණු මිරිස් වල සැරට රතු වෙලා තිබ්බ සෙනුගේ තොල් දිහා.සැරට  කටින් හුස්ම ගන්න ගමන් තොල් දිවෙන් තෙත් කරගන්න ඒ දර්ශනේ මෙතු පිස්සුවෙන් වගේ බලන් හිටියා.


'ෂිස් ලුක් සෝ ෆකින්ග් බියුටිෆුල්'

මෙතුගේ හිත මිමිනුවා ....




______________________________________


හෙහෙ ගොඩ කාලෙකින් නෙ😁

දෙන්නව සෙට් කරන්න ඕනි නෑනෙ🙂🤚

එක්කො සෙට් කරමු පවුණේ මෙතු කෙල්ල දීලා දාමු 😂



scl පටන් ගත්ත නිසා දැන්මේ නැත්තේ නැත්නම් ම්න් දානවනෙ 😁

පුළුවන් ඉක්මනට දෙන්නම් updates

මෙකට 18+ epi දාන්නද 🌚



තන්ක්කු වොට් වලටයි කොමෙන්ටු වලටයි 💗🌚




    vote|comment|share

are u lesbian?Dove le storie prendono vita. Scoprilo ora