chapter 12🖤

121 19 5
                                    

මෙතු මුකුත් කිව්වේ නෑ. කිව්වේ නෑ
නෙමෙ එයාගෙ වචන ආවෙ නෑ.එයා බලන් හිටියෙ ලුණු මිරිස් වල සැරට රතු වෙලා තිබ්බ සෙනුගේ තොල් දිහා.සැරට  කටින් හුස්ම ගන්න ගමන් තොල් දිවෙන් තෙත් කරගන්න ඒ දර්ශනේ මෙතු පිස්සුවෙන් වගේ බලන් හිටියා.

'ෂිස් ලුක් සෝ ෆකින්ග් බියුටිෆුල්'

මෙතුගේ හිත මිමිනුවා ....

"ඒ බල්ලො තොට ඒකිව කන්න බෑ "

රොෂෙල් මෙතුට රහසින් කිව්ව ඒ වචන ටිකට මෙතුව රතු කරලා තක්කාලි ඉදවීම වේගයෙන් සිදුකරන අලුත්ම ක්‍රමයක් ලෝකයට හදුන්වා දෙන්න පුලිවන් වුණා.කුෂිකර්මය මැඩම් මේක දැක්කනම් මෙතු කෙලින්ම ප්‍රදර්ශන බාන්ඩයක් වෙනවා සත්තයි.

"මට කෙල්ලො කන්න ඕනි නෑ බන්"

"එහෙනම් ඔහොම බලන්න එපා මඩ ඌරෝ අපෙ නම්බුව ලෙෆ්ට් වෙනෝ"

"ම්න් බැලුවේ නෑ අමනයො"

"මගේ කට අවුස්ස ගන්න එපා මෙතුවෝ"

"අහන්න සෙනු ඔයාලා කෑවට කමක් නෑ.අපිත් දැන් ආව එකේ තව මොනාහරි කාලා යන්"

මිෂෙල් කිව්ව කතාවට හැමෝම එකඟ වුණාට පස්සෙ කට්ටිය කැන්ටින් එකෙන් කෑම අරන් කාල පිරියඩ් එක පටන් ගද්දී ක්ලාසස් වලට ගියා.

Time skipping.!

ස්කූල් ඉවර වුණාට පස්සෙ මෙතුගේ කාර් එක ඇවිත් එයාව ගෙදර අරන් ආවා.මෙතු ගෙදර ආව ගමන් වොෂ් දාගන්න ගියේ අද එයාගෙ අම්මි ගෙදර නිසා.

මෙතුගේ අම්මිට එයා ගාව හැමවෙලේම ඉන්න බැරි වුණාට ඒ දෙන්නට දෙන්න ගොඩක් ක්ලොස් වුණා.

වොෂ් දාගෙන ඇදට වැටුණු මෙතුගේ ඔලුවට ආවෙ අද එයා සෙනූට රියක්ට් කරපු විදිය.

"අයි ම්න් එහෙම බලන් හිට්යේ, එයා .. එයා දකිද්දී හරි අමුතුයි නේ, ඒත් එහෙම වෙන්න බෑ ම්න් එයාට කැමැතිත් නෑ එයා මට කැමතිත් නෑ,

ඒත් බැරි වෙලාවත් ම්න් එයාට කැමැති නම්,

ඕහ් ශිට් එහෙම වෙන්න බෑ ම්න් ලෙස් ද

නෑ නෑ මොන මගුලක්ද ම්න් මේ හිතන්නෙ,

එහෙම වෙන්න බෑ"

එක පාරට මෙතුට ආව අයිඩියා එකක් නිසා එයා ළඟට ඇදලා ගත්තෙ ලැප් එක.අරගෙන ගූගල් එකට ගිහිං ගහල බැලුවේ,

Am I lesbian?

කියල,

එක එක ෆොර්ම්ස් ගොඩක් කියවපු එයාට තෙරුණත් එයා ලෙස්බියන් කියලා එයාගෙ හිත එක පිළිගන්න කැමැති නැති වුණා.

අන්තිමට එයා තීරණය කළේ,

"ම්න් සෙනූට කැමැති වුණාට මන් ලෙස්බියන් නෙමෙ"

.....🖋️

______________________________________

කතාව මුලිමනින්ම අමතක වෙලා අෆ්ෆා තිබ්බෙ මන් මුල ඉදන් කියවලා ආය ලිව්වේ 🥲🤚

අද ඇති නේ 🙂

අනෙ මුන් දෙන්නව ඉක්මනට සෙට් කරන්න ඕනි නේ 🙂💔

බාල්දියක් දාන්න ආසයි 🙂

කොච්චර කිව්වත් vote නෑ comment නෑ🙂 කමක් නෑ ඉතිං ඔයාලා සතුටින් ඉන්නකො

vote|comment|share

(මටනම් ලැජ්ජාම නෑනෙ🥲)

are u lesbian?Where stories live. Discover now