01

3.4K 225 50
                                    

සිංකා ගම කියන්නෙ කදු, ගංගා ,කෑලෑවෙන් පිරුණත් කුඹුරු කරමින් ජීවත් වූ මිනිසුන් සිටි ගමක්.. ගමකට අරක් ගත්ත වීරයෙක් ඉන්නවනෙ .
අපෙ ගමේ වීරයා වෙලා හිටියේ මන් තමයි.ඇත්තටම ඉතින් මගෙ අපාය සහය සගයො ටිකත් හිටියා. මටවත් හිතාගන්න බෑ ඇයි ඒ කාලෙ මට එච්චර තද වෙන්නෙ කියලා. මුළු ගමම මගෙ පිස්ටල් එකට යට කරගෙන මගේ වැඩ කරගන්න පුළුවන් පෞර්ෂයක් මන් මටම හදාගෙන තිබ්බෙ..

" ළමයෝ මේ සිංකා ගමද ? "

මම සූදූ අතක් ගහන්න හිතන් ටවුම පැත්තට යනකොට ගම පැත්තට ආව ගොන් කරත්තෙක හිටිය නාකි මිනිහෙක් මගේ ගමන හරස් කලා.ඇත්තටම මගේ පාර හරස් කරන එකෙක්ට මන් යහතින් ඉන්න දෙන්නැ ඒ මගෙ හැටි..ඌ ගමේ එකෙක්ද පිට එකෙක්ද කියලවත් මට අදාල නෑ.

මට ආව තරහට මම කෙලින්ම ඉණ පිටිපස්සෙ ගහන් හිටිය මගෙ පිස්ටල් එක අදින්න යනකොටම මට ඒ ඇහුණ කටහඩ මාව නැවැත්තුවා ..

" අප්පච්චි මේ ඒ ගම තමයි...."

හරි ලස්සන කටහඩක්.. කට කොණේ ගහන් හිටිය දුම් බටෙත් අතට ගත්ත මන් මගේ තොප්පිය පොඩ්ඩක් උස්සලා ගොන් කරත්තෙ දිහා බැලුවා..

 කට කොණේ ගහන් හිටිය දුම් බටෙත් අතට ගත්ත මන් මගේ තොප්පිය පොඩ්ඩක් උස්සලා ගොන් කරත්තෙ දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කටහඩ වගේම ලස්සන කෙල්ලෙක් ඇත්තටම මට උන්හිටි තැනත් අමතක වුණා.චීස් කෑල්ල වගේ.. එයා දකින ඕන කොල්ලෙක්ගෙ හිත යන විදිහෙ කෙල්ලෙක්..ඉතින් මම ගමේ චණ්ඩියා මගේ හිත නොයා තියෙයිද..?

ඒ කෙල්ලගෙ වචනෙත් එක්කම ඒ ගොන් කරත්තේ මාව නොසලකා ගම ඇතුළට ගියා..ගොන් කරත්තේ මාව පාස් කරගෙන යනකොටත් මම බලන් හිටියෙ එයා දිහා..
ඒ හුළගට එයගෙ කැරලි කොණ්ඩේ මූණට වැටිලා හරිම ලස්සනයි.මම එයා දිහා බලන් ඉන්නවා කියලා දැනිලද මන්දා එයාත් මන් දිහා බැලුවා..

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now