08

722 127 30
                                    

" විකී සර්... "

"ම්ම්ම්."

" යන්න කලින් මේ බූට් දෙක දාගන්න..."

"බූට් මොකටද? "

" මේ වැස්ස කාලෙනෙ..මේ කාලෙට කැලෙ සත්තු වැඩියි... "

" අහ් දෙන්න දෙන්න..."

එරික්ගෙන් උදුරලා වගෙ බූට් දෙක අතට ගත්ත විකි පුටුවෙන් වාඩි වෙලා සපත්තු දෙකත් දාගෙන නැගිට්ටා.

" යං...."

"හ්ම්.."

එරික්ගෙ මල් වවපු වත්ත මැදින් ඇවිදන් ගියපු අපිට වත්ත කෙරෝලින් කැලේට යන්න වැටුණ පොඩි අඩි පාරක් හම්බුනා...

ඒකත් කැලේ වැවිලා තිබුණෙ.ඒතරම් කාලෙකින් ඒ අඩිපාර කවුරුත් පාවිච්චි කරලා නෑ වගෙ..

එරික් මගෙ ඉස්සරහින් ගිය නිසා එයා පාර හදාගෙන අඩිය තියන තැන් වලටම මමත් අඩිය තියලා ගියා...


එරික් මගෙ ඉස්සරහින් ගිය නිසා එයා පාර හදාගෙන අඩිය තියන තැන් වලටම මමත් අඩිය තියලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ අඩිපාර ඇවිල්ලා නතර වුණෙ ලොකු රූස්ස ගස් වලින් පිරුණ කැලෑවක් ඉස්සරහ..

" මේ....එරික්....? "

" සර්...?"

" මේ කැලෙ කොටි වලස්සු එහෙමත් ඉන්නවද? "

මට හීන් දාඩිය දාගෙන ආවා කැලෑව දැක්ක ගමන්..

" හ්ම් සමහරවිට ..මේක වනජිවි සංරක්ෂණ කලාපයක්නෙ සත්තු නම් ඇති..."

එරික් කියලා කට ගත්තෙ නෑ මට දැනුනා මගෙ කකුල උඩ මොකෙක් හරි ඉන්නවා ඉන්නවා වගෙ ... කුකුලෙ ඇගිලි හරියට බරක් වගෙ දැනුනා.

කැලෙ දැක්ක ගමන් උගුර කට වේලිලා තිබුණ මට කෙල ගිලුණෙ මේ මොකෙක් වෙන්නැතිද කියලා හිතෙද්දි.

හිමින් හිමින් ඔලුව පාත් කරලා කකුල දිහා බලපු මම මරලතෝනි දුන්න පාරට ගස් වල හිටපු කුරුල්ලොත් පියාඹලා ගියා...

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now