05

940 143 16
                                    

පැය 8ක දීර්ඝ ගමනකින් පස්සෙ ශිංරහ් ගමට ආව විකී වාහනේ AC off කරලා shutter එක ඇරියා...

" වහ්.. මාර සනීපයිනෙ... පුදුම නිස්කලංකයි මේ පැත්ත.. හහ්.. ඇලෙක්ස් මේ ගම අල්ලන් හිටිය එක පුදුමයක් නෙමෙ..."

මට දැනුනෙ මාව පාවෙනවා වගෙ තරම් සනීපයක්.. අපේ ගෙදර කොච්චර AC , සැප සම්පත් තිබ්බත් මේ ගැමි පරිසරයෙන් එන්නෙ අමුතුම සනීපයක්...

" හහ්.... "

ටහිකේ* වෙලාව

" රෑ වෙන්නත් ඇවිල්ලා.. හොටෙල් එකක් හොයාගන්න ඕන ඉක්මනට.."

මේ ගම වැඩිය ජනාකීර්ණ නැති නිසාද මන්දා ලොකු ලොකු වතු මැද තියෙන පොඩි පොඩි ගෙවල් ඇරුණම පේනතෙක් මානෙක හොටේල් එකක් තියා බිල්ඩිමක්වත් මට හම්බුන්නෑ..

" හාශ් මේ ගමෙ මිනිස්සු කොහොමද මේ මුඩුක්කු වල ඉන්නේ? "

විකීගෙ දෙබැම රැලි වී යනකොට ඔහුගෙ  පිටුපසින් වේලුණු කොල අතු පාගමින් අඩි තියෙන ශබ්ධයක් ඇහුණි.

" මහත්තයා .. මේ ගමට අලුත් වගේ..."

ඒ කටහඩට මන් ගැස්සිලා යනකොට මගෙ පිටිපස්සෙ හිටියේ කූඩයක් පිටේ බැදගත්ත හැන්ඩි කොල්ලෙක්.. හැන්ඩි කිව්වට මන් තරම්නම් හැන්ඩි නෑ...

" ඔව්.මන් කෙනෙක්ව හොයනවා   "

" අහ්.. කාවද මහත්තයා හොයන්නෙ . මම උදව් කරන්නම්..."

ඒ මනුස්සයගෙ මූණෙනම් කිසි හොරපාටක් පේන නොතිබ්බත් මම මගේ ලයින් එකේම කතා කලා.

" ඔයා දන්නෑ..."

" මහත්ත්යො මම උපන්දා ඉදන් මේ ගමේ ඉන්නෙ.මන් නොදන්න කෙනෙක් මෙහෙ ඉන්න විදිහක් නෑ.."

මේ මනුස්සයා පරාල ඇණයක් වුණානෙ.. මට හිතුනෙ එහෙම...

" මන් හොයන්නෙ ඇලෙක්ස් කියලා කෙනෙක්..ඔයා දන්නවද? "

" ඇලෙක්ස්..?මහත්තයට හොදටම ශුවර්ද? "

" ඔව්  එකපාරක් කිව්වනෙ ."

මන් රවලා අහක බලනකොටත් එයා හිටියෙ වෙනමම කල්පනාවක...

" ඇයි...?"

එයාගෙ කල්පනාව නිසා මට ඒත් හිතුනා මට බනිනවදෝ කියලා...

" නෑ මට නිකන් ඒ  නම හොදට පුරුදුයි වගේ දැනුණා..."

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now