16

684 120 18
                                    

"එරික්....."

" ඔව් වීකී ..මන් අහන දේට මට උත්තරයක් ඕනේ... ඔයා මගෙ ආදරෙ එපාද? "

විකී වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා ඇවිල්ලා මාව ඇදලා අරන් තදින් බදාගත්තා...

" ඔයා ...ඔයා මට ආදරෙයිද එරික්....? "

" ම්ම්ම්.... ගොඩක්...."

" එරික්...මට දැනෙන සතුට කියාගන්න බෑ... ඔයා දන්නවද... නොකිව්වට මමත් ඔයාට ගොඩක් ආදරේ කලා...ඒත් මන් ඒක පිලිගත්තෙ නෑ. මට ඒක පිලිගන්න ඕන වුන්නෑ... ඒත් ඔයාම මට මෙහෙම කියනකොට මට...මට...."

" විකී... ඔයා මගේ... ඔයා දැන් මගෙ... ඇලෙක්ස්ටවත් ඔයාව මම අයිති වෙන්න දෙන්නෑ... මට කියන්න අපි කොහොමද මේකෙන් ගැලවෙන්නෙ...? "

" මන් දන්නෑ...එරික්... මමවත් දන්නෑ....එරික්, මට ඔයාට කියන්න විශේෂ දෙයකුත් තියෙනවා...මේක හොදින් අහගන්න.. ඇලෙක්ස් ඉස්සරහ පොඩි හරි වැරැද්දක් වුනොත් ඒ කෙනා කවුරු උනත් ඇලෙක්ස් එයාව පණ පිටින් අතාරින්නෑ... ප්ලිස්.. ප්ලීස් එරික් මෙහෙන් යන්න...ම්ම්ම් යනවා නේද වස්තුව.... මගෙ අතින් ඔයාට පොඩිහරි දෙයක් වුනොත් මම කවදාවත් මට සමාවක්නම් දෙන එකක් නෑ...."


මම එයාගෙ කදුලු පිරුණ ඇස් දිහා බලාගෙනම,

" විකී... ඇලෙක්ස් කොහොම කෙනෙක් වුනත් මට ඔයාව විශ්වාසයි... ඔයා මට කවදාවත් කරදරයක් වෙන්න ඉඩ තියන්නෑ කියලා මට ඉර හද වගෙ විශ්වාසයි... ම්ම් කො... එන්න.. අපි යමු ටිකක් එළියට... මේ ගතිය ටිකක් මගඇරෙන්න... ම්ම්ම්...."

"යන් එරික් මම ඔයාව ලස්සන තැනකට එක්ක යන්නම්...එන්නකො...."

විකී මගේ අත තදින් එයාගෙ අතින් අල්ලගන්නකොට මට හිතට සතුටක් ආවා.

අත් දෙකත් අල්ලන් ලිෆ්ට් එකට නැග්ග අපි පහලට එනකොට සර්වන්ට්ලා බය වෙලා වගේ බලන් හිටියේ අපි දෙන්නා දිහා....

මම නම් ඉතින් හැමෝටම හිනාවක් දීලා මගෙ අතත් ඇදන් යන විකී එක්කම එළියට ගියා....

" අපේ පොඩි මහත්තයා ආපහු ඉස්සර වගෙ සැහැල්ලුවෙන් ඉන්නවා දැක්කෙ හුග දවසකින්...."

අපි දෙන්නගෙ පිටිපස්සෙන් ආව ඒ කටහඩට අපි දෙන්නම හැරිලා බලනකොට එතන හිටියෙ ජැන්ඩියට ඇදගත්ත කොල්ලෙක්...එයත් හැබැයි සර්වන්ට් කෙනෙක්....

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now