13

688 124 22
                                    

" ඒත් මට කියන්න... මාව ගන්න රස්සාව මොකක්ද ? "

පීට්ගේ ඇස් දෙක ලොකු කරන් එරික් දිහා බැලුවා

" සර් දන්නැද්ද මේ රස්සාව ගැන... "

" නෑ.එයා මට මුකුත් කිව්වෙ නැ..."

🎺🎺🎺🎺

විකීගේ වාහනේ ඩ්‍රයිව හෝන් කල පාරට පීට් වගේම එරිකුත් ගැස්සිලා ගියා...

" අනෙ සර් පොඩි මහත්තයට තරහා ගිහින් ඉක්මනට යන්න...."

" අහ්...හ. හා..."

විකීගෙ කේන්තියට ඉතින් දැන් දැන් එරිකුත් පොඩ්ඩක් බයයි...

එරික් දුවන් ගිහින් විකී ළගම වාඩි වුණා.

-

-

විකීගෙ වාහනේ අර්ලින් මැන්ශන් එකට හරවනකොට එරික් වාහනේ ජනෙල්ලෙන් වටපිට බැලුවෙ කටත් ඇරගෙන...

" ඈ.... මෙච්චර ලොකු ගෙයක්... මගේ ගේ වගේ කී ගුණයක් ලොකුද මේ ගේ .... "

එරික්ට තාම හිතාගන්න බෑ..

" ඔයා බහින්නැද්ද? "

ඒ විකී... එරික් ගෙදර සයිස් එක බල බල ඉන්න අතරේ විකී වාහනෙනුත් බැහලා...

" ආ..එනවා...."

-

" ලුයි.. වාහනේ පාක් කරහන්...."

විකී වාහනෙ යතුර ලුයිට උඩින් විසික් කරගෙන එරික් එක්ක ගේ ඇතුළට ගියා...

ලුයි කියන්නෙ විකීගේ වාහන ගැන බලන සර්වන්ට්...

" පොඩි සර්......"

විකී ගේ ඇතුළට අඩිය තිබ්බ ගමන් එතන හිටපු දෙතුන් දෙනා විකීට ඔලුව නමලා අචාර කරනකොටත් එරික් හිටියෙ ගල් වෙලා...කිසි දෙයක් හිතාගන්න බැරුව..

" ඇයි මේ පොඩි කොල්ලට මෙච්චර වැඩිමල් අය අචාර කරන්නෙ .."

එරික්ට තිබ්බ ප්‍රශ්නෙ ඒක....

" දැන් ඔයා හිතනවා ඇති නේද ඇයි මේ මිනිස්සු මට මෙච්චර ගෞරව කරන්නෙ කියලා නෙහ්...? "

එරික් ගෙ කල්පනාව බිදුණෙ විකීගෙ කටහඩට...

දෙයියියනෙ මේ මනුස්සයට හිත් කියවන්න පුලුවන්ද?
මන් හිතපු දේම කිව්වනෙ...

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now