50 අවසාන කොටස

1.2K 109 53
                                    

විකීයි මායි දවසක් ඩ්‍රයිව් කරන් යනකොට අපිව ඇක්සිඩන්ට් වෙන්න ගිහින් අනූනවයෙන් වගෙ බේරුනා... ඒකනම් දෙවියන්ගෙ බේරිල්ලක් වගෙ.. මන් දන්නවා උගෙ බැල්ම අපි දෙන්නටම පිහිටට හිටියා... හැම ප්‍රශ්නෙකදිම...

ඒත් ඌටත් ඉපදීමක් ඕනෙ .හැමදාම අපිව රකින්නද...ඌ නපුරු ඇති ඒත් ඌ හොද ආත්මයක්.. ඌට ආයෙ ඉපදීමක් තියෙන්නම ඕන...

ආයෙම මෙහෙට ආවත් හරි විකිට හීන පේන්න පටන්ගන්නකොට ගගා මට දුන්න බෙහෙත් මන් විකීගෙ කෝපි වලට දාලා දුන්නා.. එයාව සැරෙන් සැරේට ඇල්ක්ගෙන් වෙන් කරවන්න මන් උපරිම දේවල් කලා...ඒත්...ඒත්... ඒ හැමදේම යට ගියා...

විකී.... උබ කොහෙද රත්තරනෙ... ඉන්න තැනකින් වරෙන්කො... උබෙ පැටියයි මායි බලන් ඉන්නවනෙ... අපිට බයයිනෙ ...

-

-

වෙලාව ගෙවුනා... මේ ඇස් ගෙවෙනකන් මන් බලන් හිටියේ විකී දැන් එයි...දැන් එයි කියලා වුනත් මන් දන්නෑ පාන්දර 1ත් පහු වෙනකන් මග බලන් උන්න මට ඉබේම නින්ද ගිහින්...

බොන බෙහෙත් නිසාද නැත්තන් චූටි පැටියා බඩේ නිසාද කියන්න දන්නෑ මට කට්ට දවාලක වුනත් ඇහැ පියවන්න පුලුවන් නිදිමතක් අල්ලනවා...

සනීපයි....

කාගෙ හරි ඇගිලි මගෙ කොණ්ඩෙ පුරාවටම එහෙ මෙහෙ යනවා... වැනිලා සුවදයි... ම්ම්... ඒ මගේ ඩැඩි... මෙච්චර වෙලා මම ගෙදර එනකන් මග බලන් උන්න මගෙ විකි... එයා ඇවිල්ලා ...

බීපු බෙහෙත් ඇස් බර කරද්දිත් මන් අමාරුවෙන් දෙපාරක් තුන්පාරක් උත්සහ කරලා ඇස් ඇරලා එයා දිහා බැලුවා...

අනෙ සොපා එකෙ නිදන් උන්න මාව එයා ඇදට අරන් ඇවිල්ලා . මගෙ ඇදුමුත් මාරු කරලා බ්ලැන්කට් එකත් පොරෝලා මාව තුරුල් කරන් එයත් මන් ලගින්ම හාන්සි වෙලා සිවිලිම දිහා බලන් ලොකු කල්පනාවක...

කොච්චර ලොකු කල්පනාවකද කිව්වොත් මන් ඇස් ඇරියා කියලවත් එයාට දැනුන් නෑ...

මන් එහෙම්ම බ්ලැන්කට් එක අස්සෙන් ඒ ඇගට කකුලක් දාන් බඩ උඩට අතක් දාන ගමන් එයාගෙ බෙල්ල අස්සට මූණ ඔබා ගත්තා...

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now