06

789 144 26
                                    

" ඇයි බලන් ඉන්නෙ .එන්න ඇතුළට..."

එරික් එයාගෙ සපත්තු දෙකත් දොරකඩ තිබ්බ රෙදි පාපිස්ස උඩ ගලවලා මට ඇතුළට කතා කලත් ඒ ගස් බෙනෙ ඇතුළට යන්න මට හිත දුන්නෑ..

" මොන අජූත තැනැක්ද මෙ.. මගෙ වොශ් රූම් එකවත් මෙච්චර චොර නෑ . මන් වගෙ කොල්ලෙක් මේවගෙ තැනක ඉන්න NEVER NO... "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තැනක් නොතැනැක් නැති මන් එරික්ටත් ඇහෙන්නමයි කිව්වෙ. ඒක ඇහුනම එරික්ගෙ මූණ ගොඩක් වෙනස් වුණා. ඒක තරහක්ද දුකක්ද කියලා මට පැහැදිලිව අදුනගන්න බැරි වෙනස් වීමක්...

" ඔයාට මේහෙ ඉන්න බැයිනම් ඔහොම්ම හැරිලා ආපහු යන්න.. මම කාවවත් මෙහෙ බලෙන් උස්සන් ආවෙ නෑ . මනුස්සකමට උදව් කලා මිසක්..."

එයා කිව්වෙ එච්චරයි.. එයා මාව සතේකට ගනන් නොගෙන ගේ ඇතුළට ගියා.. මට යන්නත් ඕන මෙහෙ ඉන්නත් බෑ.ඒත් මට දැන් යන්න තැනකුත් නෑ .

" මාර පරාලෙකට තමා මාත් අහුවුණෙ..."

දොරෙන් එළියට එක අඩියක් තියලා මම ඒක ආපහු පස්සට ගත්තෙ මට මොකක්දෝ බයක් දැනුණ නිසා..හරියට මට හිතුනෙ මම දැන් මෙහෙන් ගියොත් මට හැමදේම නැති වෙලා යයි වගේ හැගීමක්...

ලැජ්ජාවයි ලොකු කමයි පැත්තකට දාලා මම එරික්ගෙ ගෙදර ටික දවසක් වෙනකන් නවතින්න තීර්ණය කලා..
මේක කියන්න එරික්ව හෙව්වත් ඒ මනුස්සයා කාමරයක් අස්සට ගියා ගියාමයි ආගිඅතක් නෑ...

ටිකවෙලාවකින් කාමරෙන් එලියට ආව එයා මම දැක්කා හැමතැනම මාව හොයනවා මිදුලට බැහැලා..අන්තිමට එයා ගේ ඇතුළට ආවමයි මාව දැක්කෙ..

" හ්හ්.. ඔයා ගියේ නැද්ද? මෙතන මොනාද කරන්නෙ? "

එයාගෙම සාලෙ තිබ්බ ඉරිච්ච පරණ සෝෆා එකෙ කොණක වාඩි වෙලා එයා දිහා බලන් හිටපු මාව දැක්ක එයා එකපාරටම ගැස්සිලා අඩි කිහිපයක් පස්සට විසිවෙලා යනකොට එයා මගෙන් ඇහුවෙ එහෙම.

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now