17

670 118 29
                                    

" මම ඔයාට මේක නොකියන්න හිටියෙ...ඒත් ඔයා මන් ගැන හැමදේම දැනගන්නොන... මන් අද ඔයාට මගෙ ජිවිත කතාව කියන්නම් බනී... ප්ලීස් ඒක අහලා මාව පිළිකුල් කරන්නෙපා... මට ඕනෙ මන් ගැන දන්න එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉතුරු වෙනවට... මට ඕන දෙයක් බය නැතුව කතා කරන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ ඔයා විතරයි බනි "

" විකී... ඔයා ගැන කවදාවත් මම එහෙම හිතන්නෑ...."

එයා මගේ අත අල්ලගත්ත... ඒ අතේ ඇගිලි වලට මගේ අතෙ ඇගිලි පටලව ගත්ත එයා වාහනේ අරන් ගියේ බීච් එක පැත්ත්ට....

හවස ඉර බැහැගෙන යන ලස්සන හැන්දාවක බීච් එකට ආව අපි දෙන්නා වාහනෙන් බැහලා මුහුද ගිලගන්න හදන ඉර දිහා බලාගෙනම හිටියෙ අපි දෙන්නම අපෙ මනෝ ලෝක වල නවතිනකොට....

මට ඇහුනා එයා ලොකු සුසුමක් හෙලනවා...ඒ දීර්ඝ කතාවකට සූදානම් වෙන්න කියලා මට දැනුන නිසාම මම එයා දිහා බැලුවා...

" මගේ බනී... මට තේරෙන්නෑ ඔයට මගෙ කතාව කියන්න කොහෙන් පටන්ගන්නද කියලා...."

" ඔයා කියන ඕනම දෙයක් මන් අහන් ඉන්නම් විකී.. ඔයා අද හැමදේම මට කියන්නොන...."

"ම්ම්ම්... බනි.. ඔයා දන්නවනෙ අර්ලින් මැන්ෂන් එකේ එකම උරුමක්කාරයා මම කියලා මම නිතරම කියවනවා කියලා නේද? ම්ම් "

" ඔව්...ඉතින් ඒක එහෙමනෙ..."

එයා කට කොණකින් හිනා වෙලා බැහැගෙන යන ඉර දිහාම බලන් හිටියා...

" නෑ බනී නෑ. මේ අර්ලින් පරම්පාරවෙ තව උරුමක්කාරයෙක් ඉන්නවා... "

" මොකක්...? කවුද ඒ... ඒ ගෙදර හිටියෙ ඔයා විතරනෙ...? "

" ඔයා එයාව දන්නවා බනි..."

"මන් දන්නවා...කවුද? "

මගේ ඇහිබැමි පවා එකට එකතු වෙලා තිබ්බෙ වෙන දේවල් හිතාගන්න බැරුව...
විකී එයාගෙ අත් එකට බැදගත්තා..

" ඒ ඔයා කලින් කතා කරපු ජෙෆ්...ඒ තමයි මගෙ අයියා...."

" මොකක්.. අයියා... ඒත් එයා සර්වන්ට් සූට් එකෙන්.... විකි විහිලු කරන්නෙපා...."

ඇත්තනෙ කොහොමද ශුවර් කරන්නෙ ජෙෆ් ඇදන් හිටියෙ අර්ලින් මැන්ශන් එකෙ සර්වන්ට්ලා අදින ජාතියෙ ඇදුමක්....එයා විකීගෙ අයියානම් අර්ලීන් පරම්පාරවෙ ඊළග උරුමක්කාරයා ජෙෆ්.. එහෙම කෙනෙක් තමන්ගෙ මල්ලිට වැඩකාරකම් කරයිද...? මොන විහිලුවක්ද ඒ..

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now