22

570 101 7
                                    

ජෙෆ් අයියා මිස් ලූ ව අර්ලින් මැන්ෂන් එකට අයිති හොස්පිට්ල් එකට එක්කරන් ගියා..  මගෙ අම්මාව නවත්තලා ඉන්න හොස්පිට්ල් එකටමයි...

හවස 6ත් වෙලා මුලු වටපිටාවම අදුර වැටිගෙන එනකොට ගෙදර ඉතුරු වුනෙ විකීගෙ සිහිනැති වුණ ඇගත් මමත් විතරයි...

අපෙ කාමර වලට යන කොරිඩෝවේ අත්වැට ළග තිබුණ ඇලෙක්ස්ගෙ පින්තූරේ දිහා මම බලන් හිටියෙ විකී ආපහු නැගිටිනකන්....

වෙලාව ටික ටික ගෙවිලා යනකොට මහ වැස්සකුත් කඩන් වැටෙන්න ගත්තා... ලග පාතක ඉටිපන්දම් එළියක්වත් මන් ළග තිබුන්නෑ  ..කිචන් එක තියෙන්නෙත් පහල තට්ටුවෙනෙ... මම එහෙම්ම ලොකු කල්පනාවක ඉන්නකොට මට යාන්තමට ඇහුනා කාමරේ දොර ඇරෙන සද්දයක්....

මාව ගැස්සිලා ඒ පැත්තට හැරෙනකොට මම හිටියෙ වෙව්ල වෙව්ල... එළියක්වත් නැති මේ කළුවරේ මේ එන්නෙ ඇලෙක්ස්නම් මන් මොකද කරන්නෙ ...?
මගෙ හිත මටම වද දෙන අතරේ මම අඩියෙන් අඩිය මගෙ ළගට කිට්ටුවෙන ඒ සපත්තු හඩට කන් දීගෙනම හිටියා . යාන්තමින් හරි එළියෙ අකුණු පාරවල් වලින් මට එයාගෙ මූණ පෙනෙයි කියලා මම බලන් හිටියත් මට පෙව්නෙ ලොකු කලු හෙවනැල්ලක් මගෙ ළගට එනවා විතරයි ..

" විකි   ... මේ ඔයාද? ""

කිසිම සද්දයක් නෑ..ඒත් එයා මන් ලගට එනවා... මම අතට අහුවුණ ළගම තිබ්බ මල් පෝච්චිය අතින් තද කරගත්තෙ මගෙ ආත්මාරක්ෂාවට..

" බනී..  මගේ බනී... මේ මන් ඔයාගෙ විකි....."

අන්තිමට ඒ හෙවනැල්ලෙන් උත්තරයක් මට හම්බුනා...
ඒ සැනින් මගෙ අතෙ තිබ්බ මල් පෝච්චිය අතින් අතෑරලා මම එයා ළගට දුවන් ගියා..

" අනේ මැනික... ඔයා හොදින්ද? ම්ම්ම් ... ඔලුව ගොඩක්  රිදෙනවද අහ්... තුවලද...?? "

මම කලුවරෙ උනත් එයාව අල්ල අල්ල හරව හරව පරිස්සමට තුවාලයක් තියෙනවද කියලා බැලන අතරේ එකපාරටම එයා මගෙ අත අල්ල ගත්තා...

" බනී මගෙ ළගට ටිකක් ලං වෙන්න "

" විකී?"

" මට ඔයාව ඕනෙ බනි.. ම්ම්... ඔයාගෙ විකි කියන දේ අහනවනේ...මෙහෙ එන්න..."

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now