38

502 81 37
                                    


" එතකොට අද....අද...වුන....ඒ...."

මම ගොත ගහනකොට විකි මන් කියලා ඉවර කරන්නත් කලින්ම උත්තර දුන්නා..

"හ්ම්... අද ඔයාව හප්පන්න හැදුවෙත් මග්ගේ පපාමයි...."

විකී කිව්ව දේ ඇහුණ ගමන් මාව අඩියක් දෙකක් පස්සට විසි වෙලා යනකොට එයා මගෙ ඉණ වටෙන් අතදාලා මාව වැටෙන්න නොදි අල්ලගත්තා. හිතට දැනූන වේදනාවට්ට මම එයාගෙ පපුව ලගින් එයාගෙ කෝට් එක අල්ලන් මගෙ අතින් මිරිකගත්තා....


******************************

"මොනාද විකී ඔයා...මේ..."

" ඇත්ත එරික්... මගේ පපා ඔයාව ඇක්සිඩන්ට් කරන්නයි හැදුවෙ...ඊයේ පපා කෝල් එකකින් කතා කරපු හැමදේම මම අහගෙන හිටියෙ බනි...එයා අද ඔයාව ඉවර කරන්නයි හැදුවෙ...ඒකයි මම ඔයා පස්සෙම හිටියෙ. කොටින්ම කාර් එකෙ ඩිනර් එකට එනකොට උනත් මම ඔයා ගිය කාර් එකට ඉස්සර වෙලා යන්නැරලා පිටිපස්සෙන් ආවෙ ඒකයි... පපා මේ ඩිනර් එකට ඔයාට එන්න කියනකොටම මට සැක හිතුනා... "

මොනාද දෙයියනෙ මේ විකී කියන්නෙ...මිස්ට අර්ලින් එහෙම මනුස්සයෙක්?මට හිතාගන්නවත් බෑ...

" වි..විකි දැන් අපි එකට කියලා මිස්ට අර්ලින් දැනගනීනෙ...?"

මම බයෙන් මුමුණකොට එයාගෙ කට කොණෙ හිනාවක් ඇදුනා..

" පපා වැඩ්ඩෙක් වෙන්නැති හැබැයි මන් එක්ක පපා සොක්කෙක්..."

"ආ...."

ඇත්තටම මේ මනුස්සයා මොනා කියවනවද කියලා මට හිතාගන්න බැරි වුනා... ඔච්චර දෙයක් කරන්න පුලුවන් මිස්ට අර්ලින්ට මේක හොයාගන්න බැරි කමක් නෑනෙ...

" බය වෙන්නෙපා ළමයො... මන් කිව්වනෙ මම දැන් ඉස්සර විකී නෙමෙයි .. පපාට දැන් මන් එක්ක හැප්පෙන්න ටිකක් අමාරු වෙයි... බනී උබ මේ හිටියා වගේ වෙනසක් නොපෙන්නලා තව ටික දවසක් ඉන්නොන හරිද ? මම කියනකන් අපි ඉන්නොන කලින් වගේ.... ඔයාට මාව විශ්වාසයි නේද?"

එයා ඇහුවෙ මගෙ කම්මුල් දෙකට එයාගෙ සීතල අත් තද කරලා...

" ම්ම්... මටත් වඩා..."

මම එහෙම කිව්වම ඒ ඇස් දිලිසෙනවා මම දැක්කා...

"විකී...."

Homophilia   [YIZHAN] MPreg 🔞✔Where stories live. Discover now