03

727 86 14
                                    

" පුතේ ඉතින් ඔයාගෙ නම මොකක්ද කියන්නකෝ. මන් තාම ඔයාගෙ නමවත් දන්නෑනෙ ඉතින්. "

ඒ ජිමින්ගෙ අම්මා. මාමා වගේම එයත් හරි හොඳයි. දැන් නම් සීයට දාහක් ෂුවර් ජිමින් මෙයාලගෙ ළමයෙක් නෙමේ කියලා.

" රෂ්මිකා මන්දනා. ඔයා මට රෂ් කියන්නකො. හැමෝම කියන්නෙ එහෙමයි. "

" ඔයාගෙ නම හරි ලස්සනයි පුතේ. "

" තෑන්ක්ස් ආන්ටි. "

" හරි පුතේ එන්නකො මාත් එක්ක. මන් ඔයාගෙ රූම් එක පෙන්නන්නන්. ඔයාට මහන්සිත් ඇති නේ. ගිහින් වොෂ් එකක් දාගෙන පහළට එන්නකො. මන් කෑම රෙඩි කරලා තියන්නම්. "

නැන්දා මාව එක්කරගෙන ගියේ දෙවනි තට්ටුවේ කාමරේකට. එයා මාව කාමරයට එක්කන් ගිහින් ආයෙ පහළට ගියේ කෑම ලෑස්ති කරන්න වෙන්න ඇති. ඒ කාමරේ දැක්කම මට බාගෙට පිස්සු හැදුණෙ නැති ටික විතරයි. මුළු කාමරේම රෝස, දම්, ලානිල්, කළු පාට වලින් සරසලා. ළමා නිවාසෙ එක කාමරේ ළමයි පස් හය දෙනෙක් එක්ක හිටිය මට මේක හරියට මහ මෙරක් වගේ.

අතේ තිබ්බ බෑග් එක මේසයක් උඩින් තියලා මන් හිමීට වාඩි වුණේ කාමරේ මැද්දෙ තිබුණු රෝස පාට ෂීට් එලලා තිබුණු ඇදෙන්. බුදු අම්මෝ... මේකට ඇඟිල්ලෙන් ඇන්නත් ඇති ගිලිලා යන්න. මේ තරම් සිනිඳු ඇඳක්....

මන් එහෙම්ම ගියේ වොෂ් රූම් එකට. ඒත් මෙච්චර වෙලා තිබුණු හිතේ සතුට නැති වෙලා ගියේ බාත්රූම් එක ඇතුළෙ තිබුණු බාත්ටබ් එක දැකලා.

" හීනෙ ඇත්ත වෙයිද. මන් මේ බාත්ටබ් එකේ නෑවොත්නෙ හීනෙ ඇත්ත වෙන්නෙ. එහෙනම් මේකෙ නෑවො නැති වුණොත් හීනෙ ඇත්ත වෙන එකක් නෑ. "

මන් හිතා ගත්තා බාත්ටබ් එකේ බැහැලා නාන්නෙ නැතුව ෂවර් එකෙන් නානවා කියලා. ඒත් මන් කෝකටත් ටිකක් ළං වෙලා බැලුවෙ බාත්ටබ් එක දිහා. ඒ වුණාට හීනෙ තිබුණු වගේ රෝස මල් පෙති මේකෙ නම් තිබුණෙ නෑ. හිතට ටිකක් හරි සහනයක් ලැබුණෙ ඒක නිසා.

වොෂ් එකක් දාගෙන ටවල් එකකුත් ඇදගෙන රූම් එකට ආපු මම නිකමට වගේ ඇරියෙ කාමරේ කොනක තිබ්බ අල්මාරිය. ඒත් ඒකෙ ටවල් බෙඩ් ෂීට් ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුණෙ නෑ. මන් එද්දි අරන් ආපු ගවුම් තුනෙන් එකකුත් ඇඳන් කොණ්​ඩෙත් කඩලා දාගෙන පහළට ගියේ නැන්දා මට කලින් යද්දි කෑම කන්න පහළට එන්න කියපු නිසා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now