13

568 90 16
                                    

ඩිනර් එකෙන් පස්සෙ අපි හැමෝම හිටියෙ ගාර්ඩ්න් එකේ. හොඳම වැඩේ කියනනෙ අපි කූල් ඩ්‍රින්ක්ස් බීලා ඉවර වෙද්දිම වගේ මිසිස් කිම්ගෙ ගෙදරට ආවෙ කන්ග් සාරා. එයා දකිද්දිම මගේ බය වැඩි වු​ණේ එයා මට බැනපු විදිය මතක් වෙලා.

" ටේ පුතා ඇතුළට ගිහින් ඩෙසට් එක අරන් එන්නකො. "

" හරි අම්මා. "

" ඒ ස්වීටි එනෝකො මාත් එක්ක යන්න. තනියම උස්සන් එන්න බෑ මට. "


මාත් ටේගෙ පස්සෙන්ම එයාලගෙ ගේ ඇතුළට ගියා. කිචන් එකට යන අතරමගදි මන් ගියේ ටේටේගෙ ගෙදර ලස්සන බලන ගමන්. එහෙ හරිම ලස්සනයි. ඒ වගේම හරි පිළිවෙළයි. මෙහේ මට නිකන් හරියට හුරුපුරුදු තැනක් වගේ. ඒත් මාව නැවතුණේ බිත්තියක් ළඟ. ඒකෙ එල්ලලා තිබුණෙ මන් එදා දැකපු ගෑණු ළමයගෙ පින්තූරයක්.

මගේ කකුල් දෙක පවා වෙව්ලන්න ගත්තෙ මගේ හීන වල ඉන්න ගෑණු ළමයගෙ ෆොටෝ එකක් ඇයි ටේටේගෙ ගෙදර තියෙන්නෙ කියලා හිතලා. ඒ ගෑණු ළමයගෙ ඇස් කෝපි පාටයි... දෙයියනේ... ටේටේගෙ ඇසුත් කෝපි පාටයි නේ. මෙයා ටේටේගෙ නෑදෑයෙක්ද..

" ස්වීටි එයා ලස්සනයි නේ. ඔය මගේ නංගි. අපි ට්වින්ස්ලා.. "

මගේ පිටිපස්සට වෙලා කේක් පිරුණු ට්‍රේ එකක් අල්ලන් හිටිය ටේටේ ඒක කිව්වෙ ඒ පින්තූරය දිහා හරිම අමුතු විදියට හිනා වෙලා බලන ගමන්. ඒ හිනාව හරි අසරණයි.

" කෝ එයා. මට එයාව මුණ ගැහෙන්න ඕන ප්ලීස්... එයා කෝ.. "

" එයා නැති වෙලා අවුරුදු තුනක් බබා.. "

ඒක ඇහුවා විතරයි මට දැනුණෙ මගේ කකුල් දෙකම පණ නැති වෙලා යනවා වගේ. මම වැටෙන්න යද්දි ටේහ්යුන් මාව අල්ලා ගත්තා. ඔව් ඒ වෙලාවේ ටේටේ මගේ අත අල්ල ගත්තා. මට ඕන කරලම තිබුණ දේ. වෙනද වගේම ටේටේ අත අල්ලද්දි මුළු ඇඟ පුරාම කරන්ට් එකක් යනවා වගේ දැනෙද්දි මට ඔළුව ඇතුලෙන් එක එක රූප පේන්න ගත්තා.

ඒ අර බාත් ටබ් එකමයි. ටේටේගෙ නංගි හිටියෙ ඒක ඇතුළට වෙලා ඇස් දෙකත් පියා ගෙන. ඒත් බාත්රූම් එකට ඇතුළු වුණු මූන වහගත්තු කෙනෙක් ටේටේගෙ නංගිගෙ බෙල්ලට මොනවහරි ඉන්ජෙක්ට් කරා. ඒ ඉන්ජෙක්ට් කරේ ඩ්‍රග් එකක් වෙන්න ඇති. එයා හිටියෙ සිහියත් අසිහියත් අතර. හරියට එයාගෙ මුළු ඇඟම පණ නැති වෙලා වගේ. ඒ මූණ වහගත්තු කෙනා ටේටේගෙ නංගිව ඒ වතුර එකේ එබුවා. එයාට හුස්ම ගන්න බැරි වෙන්නම රෝස පෙති පිරුණු වතුර එක අස්සේ ඔබන් හිටියා. ටේටේගෙ නංගි කොයි තරම් දැඟලුවත් එයාට උඩට එන්න බැරි වුණා. ටික වෙලාවක් වතුර ඔබන් ඉඳලා උඩට ගත්තු මූණ වහගත්තු කෙනා ටේටේගෙ නංගිගෙ අත අතේ තිබුණු පේපර් කටර් එකකින් කපලා දැම්මා. මුළු බාත් ටබ් එකම රතු පාටට හැරුණෙ එයාගෙ ලේ වලින්.


- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now