29

334 42 14
                                    

මම හිටියෙ කුණුකෙළ බේරි බේරි ඇඳ උඩට වෙලා ඔළුව කසන ගමන්. පුදුමයි අද හීනයක් දැක්කෙ නෑ. ඒ කියන්නෙ නරක දෙයක් වෙන එකක් නෑ නේද... මන් කොණ්ඩෙත් අත් දෙකින්ම කස කස පහළට යද්දි මාමා බය වෙලා වගේ මගෙ දිහා පපුවත් අල්ලන් බලන් ඉන්නවා.

" පුතේ මන් බය වුණු තරමක්. ඔය කොණ්ඩෙ පොඩ්ඩක් බැඳ ගන්නකෝ.. "

මාමා කියද්දි තමා මටත් මීටර් වුණේ කේස කල්යාණිය නිකන් පිස්සිගෙ පලා මලා වගේ අවුල් වෙලා නේද කියලා. මගෙ ලස්සනම අහිංසක මොංගල් හිනාව මාමාට දීලා මම කොණ්ඩෙ අල්ලලා උඩට කරලා ගෙඩියක් ගහ ගත්තා.

" සුදු පුතා මන් දැන් ඇවිත් කොණ්ඩෙ අල්ලලා බලද්දි කොණ්ඩෙ වේලිලා තිබුණෙ නැති වුණොත් ඇත්තමයි මන් ගහනවා ඔයාට මේ හැන්දෙන්. "

නැන්දා එහෙම කිව්ව විතරයි මන් පණ කඩාගෙන වගේ රූම් එකට දුවලා ලොකර් එකක දාලා තිබුණු හෙයා ඩ්‍රය' එක අරන් ඉක්මනට කොණ්ඩෙ වේල ගත්තෙ ඊයෙ රූ නාපු නිසා තාම කොණ්ඩෙ ලාවට තෙතක් තිබුණු නිසා. මොකද නැන්දා කිව්ව වගේම ගහන්ක බැරි කමකුත් නෑ. මොකද මේ ළඟදි කිව්වා වගේම පොල් බෑයකිනුත් මට ගැහුවා කොණ්ඩෙ තෙතයි කියලා.

මන් කොණ්ඩෙත් වේලගෙන ආයිමත් පහළට යන්න ගියේ උදේ කිරි එක බොන්න. මොනවා වුණත් කාලා බීලා ඉන්න ඕන නේද කියලා හිතලා කාමරෙන් එළියට යද්දිම වගේ තමයි ජිමිනුත් කාමරෙන් එළියට ආවෙ. අළු පාටට හුරු බොටම් එකකට කළු පාට අත් කපපු ස්කිනි එකක් ඇඳන් ඉඳපු සුදු අයියගෙ කොණ්ඩෙ නිකන් කුරුළු කූඩුවක් වගේ. ඒ කොණ්ඩෙ තිබුණෙ වෙනම ගතියක්. නිදාගෙන ඇහැරුණු නිසාද මන්දා මූණ පිම්බිලා වගේ. මගේ හුළං බැහැපු මූණ වගේ නෙමේ එයාගෙ මූණ ලා රෝස පාට බැලුමක් වගේ. ඒකට මගේ මුළු ඇඟම කහ පාටයි නිකන් කහ උණ හැදිලා වගේ. අපි උදේට නැගිට්ටම මලපෙරේතයො වගේ හිටියට මෙයාගෙ උදේට නැගිට්ට ගමන් පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ.

" ගුඩ් මෝනින් මන්දනා. "

උදේ නැගිටපු නිසාමද මන්දා ජිමින්ගෙ වොයිස් එකක් ටිකක් ගොරෝසු වෙලා තිබුණා. හරියට එයා උගුරෙන් කතා කරා වගේ. මට ග්‍රීට් කරපු ජිමින් මට ග්‍රීට් බැක් කරන්නවත් නොදී දෑත බදලම මාව තුරුළ් කරන් එහාටයි මෙහෙටයි මාත් එක්කම දෙපැත්තටම පැද්දෙන්න ගත්තා. මෙයාට නිදිමත විකාරෙද.. ඒ වුණත් ජිමින්ගෙ මේ විකාර නිසා මාව හිරිවැටිලා යනවා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now