28

379 51 12
                                    

නැන්දයි මිසිස් කිම්තුයි පහළ කිචන් එකේ ඉද්දි මම හිටියෙ ටේටේගෙ රූම් එකට වෙලා.

" ස්වීටි මොකෝ නයා මැරිච්චි අහිගුණ්ටිකී වගේ ඉන්නෙ. ජිමින් තාම ආන්ස' කරේ නැද්ද. "

" නෑනෙ... ම්හුක්.. "

මන් ෆෝන් එකේ ජිමින්ගෙ ප්‍රොෆයිල් පික් එකට ඇඟිල්ලෙන් තුන් හතර පාරක් ඇනලා ෆෝන් එක විසික් කරා. මගෙ හිතට දැන් දැන් ටිකක් බයයි. ජිමින් උදේ ගියේ ලොකු හදිසියකින් වගේ. සේහා ඔන්නිට කෝල් කළත් එයා නෙමෙයි ෆෝන් එක ආන්ස' කළේ. මහ එකා වගේම නැතෑ එතන වැඩ කරන එයාගෙ ගෝල බාලයො ටික. කොහොමත් මට වඩා සේහා ඔන්නිට ජිමින්වනෙ ලොකු පුහ්.

" මොනවද ස්වීටි කුටු කුටු ගාන්නෙ. "

" මුකුත් නෑ.. "

" ස්වීටි මන් ඔයාගෙන් දෙයක් අහන්නද. මට ඇත්තම කියන්න. "

" මන් කවද්ද ඔයාට බොරු කිව්වෙ. "

ටේටේ සීරියස් මූඩ් එකක් හදා ගෙන එයාගෙ ඇඳට පොඩි තට්ටුවක් දැම්මෙ මට එතනින් වාඩි වෙන්න කියලා.

" නෑ නෑ ඔයා බොරු කියනවා කිව්වා නෙමේ. මට කියනවද මගෙ ටේෂුට ඇත්තටම වුණු දේ. ඔයා එදා මගේ අත අල්ලද්දි සේරම දැක්කා නේද. ප්ලීස් මට කියන්න ඒ හැම දේම. මගෙ ටේෂුට අසාධාරණයක් කොහෙන්හරි වෙලා තියනවා නම් මට ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. "

" ඒත් "

" ප්ලීස් ස්වීටි.. මන් එයාගෙ අයියා. මට අයිතියක් තියනවා මගෙ නංගිට ඇත්තටම මොකද වුණේ කියලා දැන ගන්න. "

ටේටේ කියන එකත් ඇත්ත. මේ හැම කෙනෙක්ටම වඩා ටේෂු ගැන දැන ගන්න එයාට අයිතියක් තියනවා. ඉතින් මම මේ තාක් කාලයක් ටේටේගෙ අත අල්ලද්දි කොටස් කොටස් දැකපු ඒ හීන සේරම පිළිවෙළට එකතු කරලා කියද්දි ටේටේ හිටියෙ කඳුළු පිරුණු ඇස් වලින්.

" එතකොට ස්වීටි ඔයා ටේෂුව මරපු කෙනා දැක්කා නේද. එයාගෙ අතේ තිබ්බ ටැටූ එක.... ඒක සාරාගෙ මැනේජර්ගෙ අතේ තියන ටැටූ එක වගේමයි එහෙම නේද. "

" ඔව්. මන් ඒක චෙක් කරලා බැලුවා. ඒ ටැටූ දෙකම එක වගේ. ඒත් ජිමින් නම් කියන්නෙ මේ ලෝකෙ එක වගේ ටැටූ ඕන තරම් තියන නිසා අපිට එහෙම එක පාරට සාරාගෙ මැනේජර් ලූනාව සැක කරන්න බෑ කියලා. ඒත් ටේටේ මට අද මින්ජි කිව්ව දේවල් අනුව හිතෙන්නෙම මේක ලූනා වගේම සාරාගෙ වැඩක් කියලා. "

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now