15

571 91 44
                                    

" මන්දනා මට සමාවෙන්න ප්ලීස්... මන් ඔයාව විශ්වාස කරන්නයි තිබුණෙ. "

ජිමින් හිටියෙ මගේ ඉස්සරහ දණ ගහගෙන සමාව ඉල්ලන ගමන්. ඒ මදිවට එයාගෙ ඇස් වල කඳුළු. ඒ මදිවට මමත් හොඳටම අඬනවා. අපි හිටියෙ හොස්පිට්ල් එකේ. එතන නැන්දයි මිසිස් කිම්තුයිත් හිටියා. ඒත් ජිමින් මන් ඉස්සරහට වෙලා මගේ අත් දෙකත් අල්ලන් මොන මොනවදෝ කිය කිය අඬන් ගමන් සමාව ඉල්ලනවා.


ඇස් දෙකට දැනුණු බර ගතියත් එක්ක ඇස් අරිද්දි මට දැනුණෙ නාහෙ කඩා ගෙන යන බෙහෙත් සුවඳක්. ඒ කියන්නෙ මන් ඉන්නෙ හොස්පිට්ල් එකේ. ඇස් ඇරලා බලද්දි සේහා මැඩම් මගේ ඇඳට එහා පැත්තෙ පුටුවක වාඩි වෙලා ඉන්නවා.

ෂික් අරක හීනයක්ද. මන් හිතුවෙ ඇත්තටම ජිමින් මගෙන් සමාව ඉල්ලුවා කියලා. මෙව්වනේ යකෝ හීන....

" රෂ් ඔයා නැගිට්ටද ළමයෝ. ඉන්න මන් ඩොක්ටට කතා කරන්නම්. "

ටික වෙලාවකින් සේහා මැඩම් එක්ක ඇතුළට ආවෙ ජිමිනුයි තව ඩොක්ට කෙනෙකුයි. ඩොක්ට මාව චෙක් කරලා බලලා කතා කරන්න ගත්තා.

" ඔයාගෙ අත සතියක් විතර යනකන් තෙමන්න එපා. "

මම හරි කියන්න ඔළුව වැනුවා.

" ඩොක්ට මෙයාව අද ඩිස්චාජ් කරන්න පුළුවන්ද. "


" ඔව් මිස්ට පාක්. එයාගෙ නළලෙ තුවාලෙන් ලේ ටිකක් වැඩිපුර ගිහින් තියන නිසා තමයි ෆේන්ට් වෙලා තියෙන්නෙ. සේලයින් එක ඉවර වුණාම මෙයාව එක්කගෙන යන්න. "

" හරි ඩොක්ට. "

ඩොක්ට එළියට ගිය නිසා මන් හිතුවෙ මන් දැකපු හීනෙ ඇත්ත කරලා ජිමින් මගේ ඉස්සරහ දණ ගහන් සමාව ඉල්ලාවි කියලා. ඒක මතක් වෙන කොටත් දැනෙන්නෙ මහම මහ කුරිරු සතුටක්. ඒත් ජිමින් සේරම විනාස කලා තත්පරෙන්. මේ මිනිහා නම් වෙනස් වෙන්නෙම නෑ.

" ඕයි මන්දනා.. තමුසෙට පිස්සුද ඔළුවත් පලන් තව අතකුත් පුච්චන්... අසනීපයක් තියනවනව් කටක් ඇරලා කියන්න තිබුණනේ ආ... තමුසෙලා සේරම ඉන්නෙ මට වද දෙන්න. "

" ම්ම.. "

" එහෙන් තමුසෙ. අරහෙ අර සාරගෙයි මින්ජිගෙයි කේස් එක. ඒ අස්සෙ ටේෂුගෙ කේස් එකත් උඩට ඇවිත්. මට නිවනක් නැති හැටි. "

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now