12

561 87 24
                                    

කෑම කාලා නැන්දට කිචන් එකත් අස් කරලා දීලා මන් රූම් එකට යද්දි මගේ ඇඳ උඩ වාඩි වෙලා හිටියෙ ජිමින්.... එයා මොකද මගේ රූම් එකේ කරන්නෙ... ඒකත් ගෙදර අනිත් අය නිදි වෙලාවේ....

" ඇයි ඔයා මෙහේ. "

" මේක මගේ ගෙදර. මට ඕන තැනක මන් ඉන්නවා. තමුසෙට මොකද. "

" යා ඒක හරි වැඩක් වුණානේ. මේක මගේ කාමරේ. අනික ගෑණු ළමයි ඉන්න කාමර වලට එහෙමත් එන සිරිතක් තියනවද. "

" අනේ මේ වැඩේමනේ මටත් රින්ගන්න මේ ගුබ්බෑයමට. ආ මෙන්න මේක දෙන්න ආවෙ. "

එහෙම කියලා ඇඳෙන් නැගිටින ගමන් ජිමින් මගේ දිහාවට විසික් කරේ නෙක්ලස් එකක්. දෙයියනේ මේ මගේ නෙක්ලස් එකනෙ. මෙයා ගාවට කොහෙන්ද ඕක.

" ඔයාට කොහෙන්ද මේක. ඔයා මේක මගෙන් හොරකන් කරාද. "

ජිමින් මන් දිහා බැලුවෙ එක ඇහි බැමකුත් උස්සලා. ඇයි මන් වැරදි දෙයක්වත් ඇහුවද අනේ..

" උස්සන්නම මාර භාණ්ඩෙනේ ඕක. පිත්තල මාලයක්ද මන්දා හැටි ඕකෙ. ඔන්න ඕක දවල් තමුසෙ මාවත් බදාගෙන නිදාගෙන ඉද්දි මගේ ෂර්ට් එකේ පැටලිලා තිබුණා. "

එයා මගේ මාලෙටද අර පිත්තල මාලයක් කිව්වෙ...

" යා.. තමුන් නේද මාව බදා ගත්තෙ. මම කවද්ද ඔයාව බදා ගත්තෙ. මන්දනා මන් ඔයාව බදා ගන්නද.... මන්දනා ජස්ට් ෆයිව් මිනිට්ස් ප්ලීස්... මන්දනා මන් නරක CEO කෙනෙක් නේද... මන්දනා අනේ පනේ ගාන් ඇඬුවෙ නැති ටික විතරයි... එනවා මෙත... "

මට කියන්න වුණේ එච්චරයි. ජිමින් ඇවිත් මගේ කට වැහුවේ එයාගෙ අත තියලා තද කරලා...

" පිස්සු වහන්සෙ වගේ කියවන එක නතර කරනවා මෝඩ ගහ. අම්මට ඇහුණොත් මෙතන විනාසයි.. "

මන් ජිමින්ගෙ අත මගේ කටින් අයින් කරලා ජිමින් දොරෙන් එළියට තල්ලු කරලා වැඩි හොඳට ඇඳේ තිබ්බ කොට්ටෙකිනුත් ගහලා එලෙව්වා. යන හැටි පද්ද පද්ද පාත්තයා වගේ... ඇයි යකෝ මන් බදා ගත්තා වගේනේ මගුල...

.

.

.

.

.

.

.

.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now