23

647 90 50
                                    

" යා මන්දනා ලැජ්ජ නැද්ද තමුසෙට ඔය ලෙඩාගෙ කෑම කන්න. "

ආයෙ ඉතින් කන්න බොන්න මොකටද අනේ ලැජ්ජා... හුම්...

" ඒයි ස්වීටි. ඇඳෙන් බහිනවා. නැත්තම් ඔය ඉරිසියාකාර මිනිහා මගේ අනිත් කකුලටත් ෂොට් එකක් දෙයි. "

ජිමිනුත් මට රවද්දි මන් අතේ තිබ්බ ඇපල් ගෙඩියෙන් තව කෑල්ලක් කටේ ඔබන් ටේටේගෙ ඇඳෙන් නැගිටලා ආවා.

" ඔයා ඇයි ආපහු ආවෙ. මගේ ඔත්තු බලන්නද ආවෙ. ඔයාට මාව සැකයිද "

" අනේ ඔත්තුව බලන්න වැඩේමනේ. තමුසෙ ෆෝන් එක දාලා ගිහින් වාහෙනේ. ඒක ගෙනිහින් දෙන්න ආවෙ. කෝ අම්මලා ඇවිත් නැද්ද. "

" නෑ එයාලා තව ටිකකින් එයි. "

" මන් යනවා එහෙනම්. ටේට වද නොදී ඉන්නවා. "

" හා. "

" ටේ මන් යනවා. උඹව බලන්න ආපහු හවස එන්නම්. "

" හරි බන් එළ. "

ජිමින් ආපහු මට ෆෝන් එක දීලා යද්දි මන් ආයිමත් ගිහින් ටේටේගෙ ඇඳේ කොනකින් වාඩි වෙලා අර ටැටූ ගර්ල් ගැන විස්තර කිව්වා.

" එතකොට ස්වීටි අපි දැන් මොකද කරන්නෙ. "

" මට ඔයාගෙ අත ආයිමත් පාරක් අල්ලල්නන ඕනි. හැබැයි කලින් පාර වගේ ටිකක් නෙමේ. හීනෙ ඉවර වෙනකන්ම අල්ලන් ඉන්න ඕනි. "

" ඕකේ. පටන් ගමුද දැන් එහෙනම්. "

" හරි. "

මන් එහෙම කියලා ටේටේගෙ තුවාල නොවුණු අනිත් අත අල්ල ගත්තා. සුපුරුදු විදියටම ඇඟ දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනෙද්දි ඔළුවට දැනුණෙ දරා ගන්න බැරි තරමෙ වේදනාවක්. ඒත් එක්කම මට ඒ රූප පෙන්න ගත්තා.

ඒ කෝපි ඇස් තිබුණු ගෑණු ළමයා.. ඔව් ඒ ටේටේගෙ නංගි. එයා හිටියෙ බාත්ටබ් එකක. ඒක පුරාම තිබ්බෙ රතු පාට රෝස මල් පෙති. බාත්රූම් එකේ තිබුණු මලානික කහ පාට ලයිට් එළිය නිසා බාත්ටබ් එකේ තිබුණු වතුරත් පෙනුණෙ ලා කහ පාටකට. එයා හිටියෙ ඇස් දෙකත් වහන් ටබ් එකට හේත්තු වෙලා. ඒත් එක පාරටම කිසිම සද්දයක්වත් නොකර ඒ කළු ඇඳ ගත්තු මූණ මාස්ක් එකකින් වහ ගත්තු කෙනා කෙටි අඩි තිය තිය බාත් ටබ් එක ළඟටම ආවා. ඒ සද්දෙටද මන්දා ටේෂු කලබලෙන් ඇස් අරිද්දි අර ආපු කෙනා ටේෂුගෙ බෙල්ලට මොනවහරි ඉන්ජෙක්ට් කළා. ටේෂු බලන් ඉද්දිම ටික ටික අඩපණ උනා. ඒත් එක්කම අර කළු පාට ඇඳ ගත්තු කෙනා ටේෂුගෙ ඔළුව බාත් ටබ් එක ඇතුළට එබුවා. ටේෂු අමාරුවෙන් දැඟලුවත් එයා මොහොතකටවත් අතෑරියෙ නෑ. විනාඩි තුන හතරක් ඉදපු තැන ටේෂුගෙ ඔළුව වතුරෙන් උස්සපු එයා ඇඳුමෙ පොකට් එකක තිබුණු පේපර් කටර් එකකින් ටේෂුගෙ අත් දෙකේම මැණික් කටුව ගාවින් ලොකු කැපුම් පාරවල් දෙකක් දැම්මා. ඒ වගෙන් ලේ විසි වෙලා පනිද්දි ටේෂු කෑ ගැහුවත් එයාගෙන් හඬක් පිට උණේ නෑ. ඒ ලේ වලින් මුළු බාත් ටබ් එකම රතු පාට වෙලා ගියා. ටික ටික ටේෂුගෙ දැඟලිල්ල අඩු වෙලා යද්දි එයා එහෙම්ම බාත් ටබ් එක ඇතුළට කඩාගෙන වැටුණා. ඒත් එක්කම අර කළු ඇඳ ගත්තු කෙනා අතේ තිබුණු පේපර් කටර් එක හොඳට පිහි දාලා ඇඟිලි සලකුණු මකලා ඒක ටේෂුගෙ දකුණු අතින් තියලා යන්න ගියා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now