08

579 85 29
                                    

ඊයෙ රෑ ජිමින්ගෙ කාමරේ වුණු සිද්ධියත් එක්ක මන් හිටියෙ එයාගෙ මූණ බලන්න බැරි තරම් ලැජ්ජාවකින්. ඒ නිසාමයි දැන් මන් කාර් එකේ බොරුවට නිදි වගේ ඉන්නෙ. ඒත් නිදා ගෙන හිටපු මම එකපාරටම ඇහැරුණේ ජිමින්ගෙ සද්දෙට.

" ඒයි මන්දනා... නැගිටිනවා.... "

ආයිෂ් ඊයෙ රෑ අර විදියට ආදරෙන් කතා කරලා දැන් ආපහු පරණ යකාම ආවේස කරන්. මේ යකාට වඩා කටුස්සොත් හොඳයි. අපි කම්පැනි එකට ආවා කියලා හිතා ගෙන මන් කාර් එකෙන් බහින්න හැදුවත් අපි ඇවිත් තිබුණෙ ටේටේගෙ ෂොපින් මෝල් එකට.

" ඇයි අපි ටේටේ බලන්න ආවෙ. "

" මෙතන ටේටයක් බලන්න ආවෙ නෑ. තමුසෙට ෆෝන් එකක් අරන් දෙන්න ආවෙ. නැත්තම් ෆෝන් එක ගන්න මුවාවෙන් හැමදාම මගේ කාමරේ අස්සෙ රිංගයි. හරි ආස ඇති නේ මගේ කාමරේට එන්නෙ. "

ජිමින් අන්තිම ටික කිව්වෙ එයාගෙ තොල් දෙක දකුණු අතේ ඇඟිලි වලින් පිරිමදින ගමන් මහ අමුතුම ඇඟ හිරිවට්ටන කටහඬකින්.

" අනේ මට බලන්න වැඩේමනේ.. "

එයාට විතරද ගස්සන්න පුළුවන්. නෑනෙ... මාත් ගස්සගෙනම කාර් එකෙන් එළියට බැස්සා. මම ජිමින්ගෙ පස්සෙන් ඇතුළට යද්දි එදා වගේම අදත් එතන හිටපු වැඩ කරන අය තුනට හතරට නැවිලා ආචාර කරා. මාත් එයාලට ආචාර කරද්දිම එදා වගේම ජිමින් මගේ අහිංසක කොණ්ඩෙන් ඇඳලා අරන් ඔළුව උඩට ඉස්සුවා.

" ඒයි ගොන් බඳින කණුව. එදත් කිව්වනේ එක එකාට ඔළුව නමන්න යන්න එපා කියලා. මෙන්න මෙහෙ එනවා යන්න. "

එතන ඉඳපු අය අතවල් වලින් කටවල් වහන් හිනා වෙද්දි හුළඟට අහු වෙච්ච සරුංගල් කෑල්ලක් වගේ මන් ජිමින් පස්සෙන්ම ඇදිලා ගියේ එයා මගේ අතෙන් ඇදන් ගිය නිසා. අපි ටිකකින් ආවෙ ෆෝන් අනම් මනම් ගැජමැටික් කෑලි විකුණන සෙක්ෂන් එකකට.

" තමුසෙ කැමති පාට මොකක්ද. "

ජිමින් ඇහුවෙ මගෙ දිහාවත් නොබලා ෆෝන් එකක් තෝරන අතරෙ. දෙන්න හිතයි දත් ටික බඩට යන්න. මිනිස්සුත් දැක්කා. හැබැයි මේ වගේ ලොකු සීන් දාන එකෙක් දැක්කමයි.

" ඉක්මනට කියනවා හලෝ. මට මෙතන වැනි වැනි ඉන්න වෙලාවක් නෑ. "

" එහෙම පාටක් නෑ. ඕන එකකට මන් කැමතියි. "

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now