18

608 95 46
                                    

" ජිමින් මගෙ අත අතාරින්න. ඔය මගේ තුවාල වුණු අත. මට රිදෙනවා. "

මේ මිනිහට අල්ලන්න වෙන තැනක් නැති හැටි දෙයියනේ. මගේ අතේ තුවාලෙ නිකන් දැන් වණ වෙලා වගේ මේ මිනිහා පොඩි කරලම.

" ඕයි ජිමිනා ස්වීටිව අතෑරපන් යකෝ. ඔය කෙල්ලගෙ අත රිදෙනවා ඇති. "

ජිමින් අතෑරියෙ නෑ මගේ අත ගසලා දැම්මා. ඒත් ඒ ඇස් වෙනදටත් වඩා රතු වෙලා කේන්තියටම. අත් වල නහරවල් පවා කොළ පාට පේන්නම ඉලිප්පිලා. ඔය මිනිහා දවසක ප්‍රෙෂර් වැඩි වෙලා නහරයක් පුපුරගෙන තමයි පස්ස බලන්නෙ තියන කුකුල් කේන්තියට. මෙයත් කොහොමත් කුකුල් පැටියෙක් වගේනෙ.

" මන්දනා තමුසෙ මොකද එකා එක්ක මේ රවුම් ගහන්නෙ. "

" එක එකා කිව්වෙ උඹ මටද ජිමින්. "

දැන් ඒ මදිවට ටේටේටත් තද වෙලා ලෙසටම. ඇයි ඉතින් මේ මනුස්සයගෙ කතා වලට කොයි මිනිහටද තරහ නොයන්නෙ.

" උඹ ටිකක් කට වහන් ඉඳපන්. ආ මන්දනා... මන් තමුසෙට නිකන් පඩි දෙනවා කියලද හිතන් ඉන්නෙ. මන් තමුන්ට නිවාඩු දුන්නෙ ඔය තුවාල ටික හොඳ වෙනකන් ගෙදර ඉන්න. ඒ අස්සෙ තමුසෙ මෙතන මූත් එක්ක රවුම් ගහනවා අත් අල්ලන්. "

මහා ඉරිසියාකාර මිනිහෙක්. කරන තරමක් දුෂ්ට වැඩ කරලා තව ටේටේටත් බනිනවා.

" ඕයි ජිමින්. උඹට දැන් ප්‍රශ්නෙ මන් එක්ක ස්වීටි ආව එකද ආ... "

ටේටේ ජිමින්ගෙ ඉස්සරහට ඇවිත් කියද්දි ජිමින් එයාගෙ කට කොනින් හිනා වුණා. මට හොඳටම විශ්වාසයි තව ටිකකින් මේ දෙන්නා මේ කැෆේ එක ඇතුළෙ හොඳ අඩව්වක් අල්ලනවා කියලා.

" ඔව් ඔව් ඒක තමයි. අනික උඹ ඇයි මෙයාට ස්වීටි කියන්නෙ ආ.... උඹ මේකිට ලව්ද ආ... ඒකද බබා ගගා උඹ පස්සෙන් යන්නෙ. "

ජිමින් තව මොනවද කියන්න හැදුවත් ටේටේ ජිමින්ගෙ කම්මුලට හයියෙන් පාරක් ගැහුවා. කැෆේ එක හිටපු හැමෝගෙම අවධානය අපි තුන් දෙනා ළඟ. ඒ මදිවට මට දැනුණෙ පුදුම අසරණකමක්. හොඳම යාළුවො දෙන්නෙක් මේ කොහෙවත් නැති මන් නිසා රණ්ඩු වෙනවා..

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now