22

683 94 47
                                    

ජිමින් බර අඩි තිය තිය එද්දි ම​ට තඩිම තඩි කෙළ ගුලියක් ගිලුණෙ ඒ මූණෙ පෙනුමට. ජිමින් ළඟට එනවත් එක්කම ඇස් දෙක තද කරලා වහ ගත්තේ සාරට ගහපු එකේ රිටන් එකට මටත් හොඳ කම්මුල් පාරක් ලැබෙයි කියලා සීයට අටදාහක් විශ්වාසයක් තිබුණු නිසා.

ඒත්... ඒත් මට දැනුණෙ මගේ අල්ල පුරාම මොකක්හරි සීතල දෙයක්... මන් ලාවට තනි ඇහැක් ඇරලා බලද්දියි දැක්කෙ ජිමින් මගේ අත පුරා එයාගෙ තොල් වලින් පුංචි පුංචි හාදු තියනවා.

" තමුසෙට රිදුණද ආ... මේ අර පිච්චුණු අත නේ. තමුසෙට අනිත් අතින් ගහන්න තිබ්බනේ. මේකෙන්ම මොකටද ගැහුවෙ. "

මගේ දිහාවත් නොබලා අතත් එහාට මෙහාට කරකවක කරකව බල බල ඒකට හාදු තිය තිය එකම සමයමක්. කතාවෙන් නම් පේන්නෙ මන් ගහපු එකට තරහා ගිහින් නෑ කියලා වගෙයි. පොඩ්ඩක් අහලා බලන්න ඕනි හූම්.

" මේ මේ.. තරහ නැද්ද ඔයා. මන් හිතුවෙ මටත් ගහයි කියලා. "

" මටත් ඕකිට දෙකක් ඇන ගන්න බැරුව හිටියෙ හුඟ කාලෙක ඉඳන්. කොහෙද ඉතින් ගෑණුන්ට අත උස්සලා මේකෙ වසන්න බෑනේ. "

ඒක ඇහුණු ගමන්ම මන් ජිමින්ගෙන් මගේ අත අතෑරව ගත්තා.

" තමුසෙට එයාට තමා ගහන්න බැ​රි. එදා මට ගැහුවෙ තමුසෙ. හරි අසාධාරණයිනේ මේක. "

මෙන්න ඒ පාර අර නිල් ඇස් දෙකත් චූටි කරන් හිනා වෙනවා.

" ඉතින් තමුසෙ මගේ නේ. මට ඕන්නම් මන් ගහනවා. බැරිම උණොත් මරලා හංගන්නත් පුළුවන්. "

මේ මිනිහා ළඟ ඉන්නත් බයයිනෙ දෙයියනේ. ඒ වුණාට අර මොකක්ද මුලින් කිව්වෙ. මන් එයාගෙ. අනේ... ඒකටනම් මට මොකක්ද වුණා දෙයියනේ.

" ඕයි මන්දනා ලෑස්ති වෙනවා ගෙදර යන්න. හෙට ඉඳන් තමුසෙ මෙහෙ වැඩ නෑ. "

" අනේ ඔයා මන් සාරට ගහපු නිසා තරහෙන්ද. මට ගෙදර ඉන්න කම්මැලියි. අනේ.. "

" අනේ පනේ මගුලක් නෙමේ. දැන් මේකෙ හැම එකාම දන්නවා ඇති තමුසෙ මගේ ගර්ල් කියලා. තමුසෙට ආයෙ ඉතින් මෙතන ඇවිත් කනක් ඇහිලා ඉන්න වෙන්නෑ. "

" ඒත් මන් ඔයාගෙ ගර්ල් නෙමේනෙ හූම්. "

මේ මනුස්සයා ආපහු කාලගුණය වගේ එකපාරට නපුරු මූණක් හදා ගත්තා.

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now