11

553 91 25
                                    

" එපා. මන්දනා මන් ඔයාව බදා ගන්නද ටිකක්. "

මට දැනුණෙ මුළු ඇඟම නිකන් රත් වෙලා යනවා වගේ. එයා මොකක්ද ඒ ඇහුවෙ. මාව බදා ගන්න..... ඇයි ඒ... මන් මුකුත් නොකිව්වෙ කතා කරගන්න තරම්වත් මට සිහියක්වත් නොතිබුණු නිසා.

මන් හා කියන්නත් කලින්ම මාව එයාගෙ ෂීට් එක පැත්තට ඇදලා ගතිපු ජිමින් එයාගෙ මූණ තියාගත්තෙ මගෙ උරහිස උඩින්. අත් දෙකෙන්ම මගේ ගවුම තද කරලා අල්ලන් හිටියෙ මන් පැනලා යයි වගේ. පුළුවන් වුනානම් මන් මෙලහකටත් පැනලා ගිහින්. ඒත් මට කිසිම දෙයක් කරන්න හරි සිහියක් නෑ.

ජීවිතේ පලවෙනි වතාවට මාව පිරිමි කෙනෙක් බදාගෙන ඉන්නවා. අඩුම මගේ තාත්තවත් මාව බදාගෙන ඉඳලා නෑ. ඒසී එකට බම්බු ගහන්න කියලා මට හෝ හෝ ගාලා දාඩිය දානවා. මන් තාමත් මගේ අත් දෙක මිටි කරගෙන හිටියෙ ජිමින්ව ආපිට බදා ගන්නවද නැද්ද කියලා හිතින් තර්ක කරන ගමන්.

ඕන මගුලක් වෙද්දෙන් කියලා මාත් මගේ අත් දෙකෙන්ම ආපිට ජිමින්ව බදා ගනිද්දි ජිමින් තව තව තද කරලා මාව බදා ගත්තෙ හරියට එයා මන් ආපිට බදා ගන්නකම් බලන් ඉඳලා වගේ.

" ජස්ට් ෆයිව් මිනිට්ස් ප්ලීස් මන්දනා. "

" හ්ම්ම්ම්. "

මෙයාට මොනවා වෙලාද. මෙයා කරන වැඩ වලින් පපුවෙ අමාරුවක් හැදෙන්නෙ නැති ටික විතරයි.

" මන්දනා... මම නරක CEO කෙනෙක් නේද. මට අඩුම මගේ යටතේ ඉන්න අයිඩල්ලා ටිකවත් බලා ගන්න බෑ. "

ජිමින් කතා කරේ දුකෙන්. මේ වෙන දේවල් එක එයාට දුක හිතෙන එක සාධාරණයිනේ ඉතින්. එයා කතා කරද්දි එයාගෙ හුස්ම මගේ බෙල්ලෙ වැදෙද්දි මට කිචි කැවෙනවා අප්පා. අනේ කූචු කූචු සොෆ්ට්... යා මන්දනා මේ වගේ සීරියස් වෙලාවක ජිමින්ගෙ හිත හදන්නැතුව මොනවද මේ හිතන විකාර. ඒ ඉන්නෙ ඔයාගෙ අයියා. ඔයාට බෑ එයා ගැන ඒ විදිවට හිතන්න. මොලේ මට ඒ විදියට බනිද්දි වෙනදා වගේම මගේ හිත කියන්නෙ වෙන දෙයක්. මස්සිනාව අයිති නෑනට මොලේට බම්බු ගහන්න කියලා හිත කිව්වෙම එහෙම.

" මන්දනා ඇයි කතා කරන්නැත්තෙ. "

" ඔයා නරක CEO කෙනෙක් නෙමේ ජිමින්. ඒක ඔයාගෙ වැරැද්දක් නෙවේ. '

- නෑනයි මස්සිනයි - (✓)Where stories live. Discover now