ඒ ඇස්....

8.7K 374 8
                                    

අදත් ඉතින් වෙනදා වගේම බෝරින් දවසක්.කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවර වෙලා කැෆේ එකේ වැඩ පටන් ගත්තා..

        "අනේ..මන්දා මේකට මොන හෙනේ වැදිලද මන්දන්නැ.හැමදාම පාඩු විතරයි. කස්ටර්මස්ල එන්නෙ නැනේ දෙයියනේ...."

ඔන්න ඉතින් එමී ආන්ටි ආයෙත් අඩනවා..මොනා කරන්නද ඉතින් කස්ටර්මස්ල එන්නැ කියල මැරෙන්න ඇයි..මන් පුළුවන් විදිහට එමී ආන්ටිගේ හිත හදන්න ට්‍රයි කරා..

         " ආන්ටී..එහෙම තමා දැන් කාලේ මිනිස්සුන්ටත් හරි අමාරුයි නේ.කැෆේ වලට එන්න තරම් සල්ලි නැ මිනිස්සුන්ට.."

        එමී ආන්ටි තමා කැෆේ එකේ අයිතිකාරයා.එයා හරි හොදයි..එයාගේ හස්බන්ඩ් නැති වෙලා දැන් අවුරුදු පහක් විතර..පුතා ඉන්නේ රට.ඒ මිනිහා එන්නෙවත් නැ මෙයාව බලන්න.ඒකටත් එමී ආන්ටි හරි දුකෙන් තමා ඉන්නේ..

"හ්ම්..අභී පුතා කියන කතාවත් ඇත්ත.මේ කාලෙ හැමෝටම අමාරුයි නේ.."

ඔන්න එතකොටම ලොකු ලස්සන කලු පාට කාර් එකක් කැෆේ එක ඉස්සරහ නැවැත්තුවා..


"අද නම් පෝසත් කස්ටමර් කෙනෙක් වගේ..මගේ හිත එහෙම කියද්දි ඇස් ගියේ කාර් එක දිහාවට..

කාර් එකෙන් බිමට බැස්සේ උස තට්ට මිනිහෙක්.තට්ට උනාට මිනිහා හරිම හැන්ඩ්සම්..

" අයිස් කොෆී එකක් දෙන්න.." මිනිහා මන් ලගට ඇවිත් කිව්වා.." ඔහොම ඉන්න.විනාඩියෙන් ගේන්නම්.."

"සැහ්..පොසත් උනාට වැඩක් නැ අයිස්කොෆී එකක් විතරනේ ගන්නේ.."

එහෙම හිත හිත අයිස්කොෆී එක මෑන්ට දීල සල්ලි ගත්තා.එත් මගේ ඇස් ඉබේම ගියේ කාර් එක දිහාවට..එකේ ශටර් එක අස්සෙන් දැකපු ඒ ඇස් දෙක දැකල මන් එක පාරම ගල් උනා..

"නැ..නැ.. මට වැරදිල.. මේ එයා වෙන්න බැ..."

මන් එහෙම හිතුවත්..ඇස් පිල්ලන්වත් නොගහ මන් එයා දිහාම බලන් හිටියා..එයා කාර් එකේ දොර ඇරගෙන මන් දිහාවට ඇවිදගෙන එනවා දකිද්දී මගෙ ඇග හිරිවැටිල ගියා..එවෙලේ හිතුනේ මන් මේ දකින්නේ හීනයක්ද කියල...

එවෙලේ හිතුනේ මන් මේ දකින්නේ හීනයක්ද කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" මොන ජරාවක්ද ඕයී මේ..මේවටද අයිස් කොෆී කියන්නේ..."

ඒ මූනේ කේන්තියක් තිබ්බට මට එයාව පෙනුනේ සුර දූතයෙක් වගේ...

" ම්ම්..අහ්..සොරී..ඒක හොද නැද්ද.මන් වෙන එකක් ගේන්නම්.." මට වචනත් පැටලෙද්දි කකුල් දෙකත් පන නැතුව ගියා..

" නෑ..ඕන නැ.." එහෙම කියපු එයා කොෆී එක ඩස්බින් එකට දාල හැරුනෙ තට්ට මිනිහා දිහාට.

"රොකී..කාර් එක ගන්න කැම්පස් එකට යන්න තියෙනවා.."

"..හරි සර්.."

අපූ වෙගෙටත් වැඩියෙන් කාර් එක් ඉගිලිල එතනින් යන්න ගියා..

එතකොටයි මටත් පියවි සිහිය ආවේ..

" එමී ආන්ටී..මට පොඩි හදිස්සි වැඩක් වැටුනා මන් දැම්ම යන්න ඕන.."  මන් එහෙම කිව්වේ මගේ බෑග් එකට අතට ගන්න ගමන්..

"දැන් යන්න..? ඔහොම ඉන්න ලමයෝ කොහෙද ඔය දුවන්නේ..? "

එමී ආන්ටි එහෙම කියද්දී මන් කැෆේ එකෙන් හුගක් දුර දුවල ඉවරයි..

කැම්පස් එකට වැඩි දුරක් නැනේ ඉක්කමන්ට ගියොත් එයාව අල්ලගන්න පුළුවන් වෙයි..

මන් හති දම දම කැම්පස් එකට ගියා..කාර් එක තිබ්බත් එයා නම් පේන්න හිටියේ නැ..මන් ඉක්කමන්ට පුස්තකාලේ ඇතුලට ගියා හොද වෙලාවට මෙන්න එයා ඉන්නවා..මන් දැක්කා එයා මන් දිහා ඇස් කොනින් බලන් ඉන්නවා..

මන් නොදැක්ක ගානට ගිහින් බොරුවට පොත් තෝර තෝර හිටියා..එයාව වටකරගෙන තවත් මිනිස්සු තුන්දෙනෙක්..එක්කෙනෙක් නම් තට්ට මෑන් රොකී..එයල ඔක්කොම මන් දිහා බලාගෙන..මුලු පුස්තකාලෙටම හිටියේ අපි විතරයි..

" රොකී..ගිහින් ඕකව අල්ලගන්නවා.." එක පාරම එයාගේ ගැඹුරු කටහඩ ඇහුනත් එක්කම මාව හිරිවැටිලා ගියා...


                        ....මතු සම්බන්ධයි...

          

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now