එක්ස්...

2.9K 191 7
                                    

මට සිහිය එනකොට මන් හිටියේ කලුවර හෝල් එක්ක..අඩ සිහියෙන් වගේ දැක්කේ මගේ වටේට මිනිස්සු දහයක් විතරයි ඉන්නවා...මට හෙලවෙන්න වත් බැරි විදිහකට පුටුවකට තියල ගැටහලයි තිබ්බේ...

"ඌට සිහිය ආවා නේද...?"

"ඔව්..ගිහින් ලොක්කට කියපන් ඌට සිහිය ආවා කියල..."

මගේ වටේ හිටපු මිනිස්සු එහෙම කතා වෙනවා ඇහුනත් මට ඔලුව උස්සල බලන්න පුළුවන් කමක් තිබ්බේ නෑ..ඔලුවට වැදුන පොලු පාරට ඔලුව පැලිලා..ගලාගෙන ගියපු ලේ වලින් ශට් එකත් තෙත් වෙලයි තිබ්බේ...

"හලෝ...මිස්ටර් රන්දෙව්...."

"තමුසේ කවුද...මට යන්න දෙනවා.."

"මන් කවුද...? ඔයා නම් දන්නේ නැතුව ඇති මන් කවුද කියල...හැබැයි යශ් නම් මන් කවුද කියල හොදට දන්නවා..."

"මගේ නම...වික්ටර්..එතකොට ඔයානේද යශ්ගේ අලුත් ප්‍රේමවන්තයා..ම්ම්ම්..?"

"ඔක්කොමල...එලියට..." විකටර් එහෙම කිව්වම එතන හිටපු අනිත් මිනිස්සු ඔක්කොම එලියට ගියා...."

"මන් හිතුවේ නැ ඔහේ මෙච්චර ඉක්මන්ට මගේ අතට ලැබෙයි කියල.." ඌ එහෙම කියල ඇවිත් මගේ කොන්ඩෙන් ඇදල මූන එකගේ දිහාට හැරෙව්වා...

"තමුසේ මන් හිතුවට වඩා හැන්ඩ්සම් නේ...."

එහෙම කියනකොට මන් දැක්කා මිනිහගේ ඇස් දිලිසෙන විදිහ ඒවගේ තනිකරම තිබ්බේ වෛරයක්...මිනිහත් හොද හයේ හතරේ පොරක් උනත්...වම් කම්බුල උඩ ලොකු තුවාල කැලලක් තිබ්බා..එක නිසා මිනිහගේ පෙනුම අවුල්...

"මොකද ඔහොම බලන්නේ...ආ උබට පේනව නේද මේ තුවල කැලල...මේක මට යශ්ගෙන් ලැබුන තෑග්ගක්...ඕකා මට කරපු හැමදේකටම පලිගන්න වෙලාව ඇවිත් තියෙන්නේ...."

එහෙම කියල මිනිහා මාව අතහැරල ගිහින් පුටුවෙන් වාඩි වෙලා ෆෝන් එක කනේ තියා ගත්තා..

එහෙම කියල මිනිහා මාව අතහැරල ගිහින් පුටුවෙන් වාඩි වෙලා ෆෝන් එක කනේ තියා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හෙලෝ.....යශ්ද කතාකරන්නේ....කොහොමද පැටියෝ ඉතින්...ඔයාට මාව මතක් වෙන්නේවත් නැද්ද...මට නම් ඔයාව ගොඩක් මතක් වෙනවා....ඔයාගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්ව අමතක කරලම දැම්මද මැණික...ම්ම්ම්..?

මොකක්ද ඌ දැන් කිව්වේ..එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්...? ඒ කතාවටත් වඩා මට කේන්ති ගියේ මූ යශ්ට මැණික කියපු එකට...

"මේ...අහනවා යශ්...මන් තමුසෙට කෝල් කරේ තමුසෙත් එක්ක හුරතල් වෙන්න නෙමේ..තමුසෙගේ අලුත් ආදරවන්තයා දැන් ඉන්නේ මන් ලග...එකව ආපහු පන පිටින් දකින්න ඕන නම් මන් කියන විදිහට වැඩ කරනවා...තේරුනාද....ආහ් ඒකත් එහෙමද...හරි එහෙනම් මූ අදම ඉවරයක් වෙයි..."

එහෙම කියල ඌ කාමරෙන් එලියට ගියා..ඒ මිනිහා හිටියෙ පුදුම තරම් කේන්තියෙන්...යශ් කියපු දේකට තාමා කේන්ති යන්න ඇත්තේ..මිනිහා අපහු ආවේ මිනිස්සු හතරදෙනෙකුත් එක්ක....

"මූව ඇරන් ගිහින් ඉවරයක් කරලා දානවා..මුගෙන් ඇති වැඩක් නැ...."

"එත් සර් අර යශ් කියන එකාව අල්ලගන්...."

"ඒ මිනිහා මහ කපටියෙක්....ඌ මේ අහිංසකයා වත් රවට්ටලා...ඌ කියනවා මේකත් එක්ක කිසිම් සම්බන්ධයක් නැල්ලු..නිකම්ම සෙක්ස් පාට්නර් කෙනෙක් විතරයිලු...ප්ලෑන්ස් ඔක්කොම වතුරේ..ඒ කියල දැන් මූට යන්න දෙන්නත් බෑ..ගිහින් ඉවරයක් කරල දානවා..."

මිනිහා එහෙම කියල ඒ කාමරෙන් එලියට ගියා..

ඒ වෙලාවේ මට දැනුනු වේදනාව...යශ්ට එහෙනම් මන් ගැන කිසිම හැගීමක් තිබිලා නැ..එත් මන් එයාට ආදරේ කරේ අවංකවම...

අර මිනිස්සු හතර දෙනා මාවත් ඇදගෙන ගිහින් කාර් එකකට දාගත්තා....

කමක් නෑ..මේක මගේ දෛවය වෙන්න ඇති..මන් එහෙම හිතල හිත හදාගන්න හැදුවත්..යශ් මගේ ඉදිරියේ මැවෙන්න ගත්තා...මට ඒ මූන ආයේ දකින්න වාසනාවක් ලැබෙන එකක් නෑ....

"යශ්...අපි ආයේ මුනගැහෙන එකක් නෑ.. ඔයා පරිස්සමෙන් ඉන්න.."







..........මතු සම්බන්ධයි........

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now