චන්ඩියෙක්...

5.1K 301 7
                                    

ඇත්තටම මන් මොන විදිහකට හරි යශ් මේකට කැමති කර ගන්නවා කියල හිතාගෙන හිටියේ..වැඩි අමාරුවක් නැතුව කොල්ලා කැමති උන එක නම් හොදයි..මගේ ආට්ස් වලටත් වැඩිය මට ඕන උනේ යශ්ව මන් ගාවින්ම තියාගන්න..ටික කාලෙකට හරි..

මන් හිතන්නේ දැන් යශ්ට තිහක් විතර..එත් අවුරුදු දහයකට කලින් වගේමයි..පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැ..හැබැයි ටිකක් කෙට්ටු වෙලා වගේ..එත් ඒ මායාකාරී ඇස් ඒ විදිහමයි..

අනාත නිවාසේ ඉන්න කාලේ මන් කාත් එක්කවත් කතා කරේ වත් නැ..හැමෝම කිව්වේ මට පිස්සු කියල..එත් මන් එයාලත් එක්ක කතා කරේ නැත්තේ එයාලට මාව තේරුම් ගන්න බැරි නිසා..

මාව තේරුම් ගත්ත එකම එක්කෙනයි හිටියේ.ඒ තමා යශ්..එයාගේ වචන වලට එයාගේ ඇස් වලට එයාගේ ලස්සනට මන් ඒ කාලේ ඉදලම පිස්සු වැටිල හිටියේ..මගේ චිත්‍ර පොත පිරිල තිබ්බෙම එයාගේ චිත්‍ර වලින්...

එත් එක පාරටම එයා අතුරුදහන් උනාම..මන් ඒක කොහොම දරාගත්තද කියල මට වත් හිතාගන්න බැ..මන් හැමදාම මග බලන් හිටියා එයා අපහු එයි කියල එත් එයා ආවේ නැ..

දැන් එයා ඉන්නවා..අවුරුදු දහයකට පස්සේ..මගේ ඇස් ඉස්සරහ..මට ආයේම නම් එයාව නැති කරගන්න බැ..එත් එයාට මාව මතකම නැද්ද..එයා මගේ නම දැනගෙන හිටියේ නැ.එයා මට කතා කරේ පොටෑටෝ කියල..තේරුම ඉතින් අල ගෙඩියනේ ඒත් මන් මහත නැ ඒ කාලේ..මොන එක්කට එහෙම කිව්වද මන්ද..

"ඕයී.. මොන ලෝකෙද ඉන්නේ..." එයාගේ කට හඩ ඇහිල මන් ආයෙත් වර්තමානෙට ආවා..

" එයාගේ කට හඩ ඇහිල මන් ආයෙත් වර්තමානෙට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"බිල් එක දාන්න..."

"හරී.."

"ඔයාගේ ආට්ස් පටන් ගන්නේ කවද්ද.."

"ඔයාට පුළුවන් ඕනම වෙලාවක.."

"එහෙනම් අද..?" 

හහ් මගේ ආට්ස් වලට මටත් වඩා මෙයා උනන්දු වෙලා මොකෝ මේ..

"හරි මගේ ශිෆ්ට් එක තව ටික්කින් ඉවරයි..එතකම් ඉන්න පුළුවන් ද මන් විනාඩි දහයෙන් එන්නම්..."

"හ්ම්..එහෙනම් මන් කාර් එක යවන්නම්.."

"ඔකේ.."

එයා රොකී වයි අනිත් මෑන්වයි කාර් එකෙන් යවල ආයෙමත් ඇවිත් කැෆේ එක ඇතුලෙන් වාඩී උනා..

"පන්ඩිතයා..ටිකක් වෙලා ඔහොම බලන් ඉදපුවාවේ.."

කොල්ලට පනිශ්මන්ට් එකක් දෙන්නත් එක්ක විනාඩි දහයක් කිව්වට විනාඩි විස්සක්ම මන් වැඩ කරා..

"කෝ ඕයී වැඩ ඉවර වෙන්නේ නැද්ද..."

එයාගේ ඉවසීම පැනල වගේ..

"පොඩ්ඩක් කෑ නොගහ ඉන්නවද..මන් ඉක්මන්ට එන්නම්..."

"කවුද මේ මගේ කැෆේ එකේ සද්ද දාන චන්ඩියා..."

ඒ පාර එමී ආන්ටිත්..

"ආ..මේ ලමයා නේද එදා කොෆී රස නැ කියල විසි කරල ගියේ..මොකද ආයේ ආවේ මේ අහිංසකයට බැනල යන්නද...?? "

"අහ්..නැහ්..මේ මන් මේ..."

හැමෝටම සද්ද දාන් හිටියට..එමී ආන්ටිගේ කටේ සද්දෙට කොල්ලා හොදටම බය වෙලා..ඒකට නම් දුකත් හිතුනා...

"නැ..ආන්ටි..මෙයා ඇවිත් තියෙන්නේ සොරී කියන්න..."

මන් එහෙම කිව්වම යශ් මන් දිහා ඔරවලා බැලුවා..ඒ බැල්ලමට නම් පැනපු ගමන් එයාව කිස් කරන්න හිතුනා..

"ආන්ටී..මගේ ශිෆ්ට් එක ඉවරයි.මන් යන්නම්..බායී.."

මන් යශ්ගේ අතින් ඇදගෙන දොර දිහාට හැරුනා..

"හරි එහෙනම් පරිස්සමෙන් යන්න..."




             
              .........මතු සම්බන්ධයි.......

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now