බෝයිෆ්‍රෙන්ඩ්...

2.7K 187 6
                                    

දැන් උන නැති නිසා මන් බෝඩිමෙන් එලියට බැස්සේ කැෆේ එකේ වැඩට යන්න...

"අභී..දැන්ද ලමයෝ වැඩට එන්නේ හොදටම දවල් වෙලානේ.."

"සොරී..එමී ආන්ටී...නින්දගියා.."

කැෆේ එකේ වැඩ ඉවර වෙද්දී වෙනදටත් වඩා හවස් උනා..තාමත් ටිකක් ඇගට අමාරු නිසා මන් බලන් හිටියේ ගෙදර ගිහින් හොදට නිදාගන්න...ඒත් යශ්ගේ කාර් එක වේගෙන් ඇවිත් කැෆේ එක ඉස්සරහ නැවැත්තුවා...

"දෙව්...දෙව්..."

"යශ්..මොකද මේ කැගහන්නේ.."

"එන්න..මාත් එක්ක යන්න..."

"කොහෙද..?"

"කොහේ හරී.."

මොකද මේ මෙයාට යකා නැගල..හරි නම් මටනේ කේන්ති යන්න ඕන කියන්නේවත් නැතුව ගියාට..

යශ් හැදුවේ මගේ අතෙන් ඇදගෙන කැෆේ එකෙන් එලියට යන්න...

"ඔය ලමයට මොකක්ද අපේ මේ අභී එක්ක තියෙන සම්බන්දේ...? එමී ආන්ටිත් එතනට ආවා..

"නැ..එමී..අන්ටී..එහෙම මුකුත්.."

"මන් මෙයාගේ බෝයිෆ්‍රෙන්ඩ්.."

යශ් එහෙම කියල මගේ අතෙන් ඇදගෙන කැෆේ එකෙන් එලියට ආවා..

"නගිනවා..කාර් එකට.."

"බෝයී ෆ්‍රෙන්ඩ්..??"

"මන් ඒක නිකමට කිව්වේ වැඩිය සීරියස් ගන්න එපා.."

"හ්ම්ම්.."

එයාට නම් ඒක විහිලුවක් වෙන්න ඇති..එත් එයා දන්නේ නෑ එයා මේ සෙල්ලම් කරන්නේ මගේ හැගීම් එක්ක කියල...

"කොහෙද යන්නේ..?"

"ශොපින් මෝල් එකට.."

"ඒ ඇයි.."

"බලනවාකෝ දෙව්..ඔයා අදින විදිහ රස්තියාදු කාරයෙක් වගේනේ..පොඩ්ඩක් වැදගත් විදිහට අදිනවාකෝ..ඒ නිසා ඔයාට අලුත් ඇදුම් ටිකක් ඇරන් දෙන්න ඕන..එපා කිව්වොත් ගහනවා උස්සල පොලේ..."

"මාව උස්සන්න..? හිතේ ඇති.."

"ඇයි..බෑ කියන්නේ..?"

මොන පිස්සෙක්ද මන්ද..මට ඇදුම් අරන් දෙන්නලු යන්නේ..අමු කැවිලද කොහෙද

"බහින්න..අපි එතන්ට ආවා.."

යශ් මෝල් එක ඇතුලට ගිහින් ඇදුම් තෝරන්න පටන් ගත්තා..තෝරන තෝරන ඇදුම් ඔක්කොම මගේ අතේ..අන්තිමේට ඇදුම් කන්දයි..

"මේ ඔක්කොම ගන්නවද..?"

"ඔව්.."

"මන් ඔය ටික බිල් කරන අතරේ ගිහින් මේක ඇදන් එන්න.."

යශ් මගේ අතට ලස්සන දුබුරු පාට සූට් එකක් දුන්නා...

"වාව්..ෆුල් කිට් එකට මන් මෙච්චර හැන්ඩ්සම්ද.."

කන්නාඩියෙන් මාව දැකල මටම පුදුමයි..මන් කොන්ඩෙත් පොඩ්ඩක් හදාගෙන ෆිටෝන් රූම් එකෙන් එලියට ආවා...

මන් කොන්ඩෙත් පොඩ්ඩක් හදාගෙන ෆිටෝන් රූම් එකෙන් එලියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න යශ් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා..

"යශ්...මොකද.."

"ම්ම්..නැ..නැ..නිකම්.."

ගත්ත ඇදුම් ලොට් එකත් ඇරන් අපි මෝල් එකෙන් එලියට ආවා...

"දැන් කොහෙද යන්නේ..?"

"රෙස්ටුරන්ට් එක්කට...අපි දෙන්නට රොමෑන්ටික් ඩේට් එකක්..."





...........මතු සම්බන්ධයි...........

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now