දෙව්...

3.4K 224 5
                                    


"කොහෙද දැන් යන්නේ...?" යශ් එහෙම ඇහුවේ කැෆේ එකෙන් එලියට ඇවිත් ටික දුරක් ගියාට පස්සේ...

"මගේ බෝඩිමට.."

"පයින්ද යන්නේ...?

"ඔව්..මෙතන ඉදන් වැඩි දුරක් නැ..ඇයි පයින් යන්න බැරිද..එහෙනම් වඩා ගන්නද..? "

"පිස්සුද ඕයී.." කොල්ල එහෙම කියල අනිත් පැත්ත බලාගත්තා..ලැජ්ජ හිතුනද මන්ද..

"තනියෙමද ඉන්නේ..?"

"ඕ.."

"පවුලේ අය...?"

"කවුරුවත් නැ..මන් පොඩි කාලේම එයාල මාව මේ ලෝකේ තනිකරල ගිහින්..."

"හ්ම්ම්.."

ඒක අහල යශ්ගේ මූන වෙනස් උනා..එයත් ඉතින් මන් වගේම අනාත නිවාසේ හැදුන කෙනෙක් නේ..

"මේ තියෙන්නේ මගේ බෝඩිම.." කතාවෙන් කතාව බොඩිම ලගටම ඇවිත්..

"කෝ..මෙතන ගෙයක් පේන්න නැනේ..."

"මේ පඩි පෙල බැහැල ඇතුලට යන්න ඕන..පරිස්සමෙන් මේක ලිස්සනවා..මගේ අත අල්ල ගන්න..."

"නැ ඕන නැ..මට තනියෙන් යන්න පුළුවන්..අනික මේ ඕයී මන් තමුන්ට වඩා ගොඩක් වැඩිමල් හරිද..මට ජීවිතේ ගැන හොදට අත්දැකී.......අහ්හ්...ආව්ව්..."

වැටුනා නේද කෝ කිව්ව එකක් ඇහුවා ඇයි..පුදුම පන්ඩිත කමක්..

"ඔව්..මොකක්ද කිව්වේ අත්දැකීම් ගැන..."

"ශිට්..මගේ කකුල මොකක්ද වෙලා..නැගිටින්න උදව් කරනවාකෝ..."

ඇස් වල කදුලුත් පිරිල..වැටුන පාරට රෙදෙන්න ඇති..ඇග පුරාම දියසෙවෙල්..

"හිමින් නැගිටින්න..කකුල රෙදෙනවාද..ඔහොම ඉන්න.."

මන් හීමීට යශ්ව අත් දෙකට ඇර ගත්තා..දැන් ඉන්නවා පූස් පැටියෙක් වගේ සද්ද නැතුව..

එයාව ඇරගෙන දොර ලගටම ගෙනත් බිමින් තිබ්බා..

"ඔහොම ඉන්න දොර අරිනකම්.."

"හ්ම්ම්.."

දොර ඇරල මන් හැදුවේ ආයෙත් යශ්ව වඩාගන්න..එත් මෙන්න යනවා නොන්ඩි ගහ ගහ...

"පරිස්සමෙන්..ඔතනින් වාඩිවෙන්න.."මන් යශ්ව පුටුවෙන් වාඩි කරා.."ඔහොම ඉන්න කකුල බලනකම්.."

සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅Where stories live. Discover now