දෛවයයි එය

27 8 4
                                    

දෛවයේ අහඹුවක් වූ
ඒ මොහොත මට
සිහිනයකි තවමත්
රෑ පාළු මකාලන

අවසර නැතිව
පැමිණ මගෙ දිවියට
අවසර නැතිවම
නික්ම ගියා ඔබ

සෑමදාටම
ඔබ ළඟ ඉන්නට
නැත ඉඩ දුන්නේ
දෛවය මා හට

හැකිද එක් වරක්
පැමිණ මා වෙත
කොපුල් තෙමාලන
කඳුළු පිසින්නට

සිනාසෙන්නම්
එවිට ඔබ හා
කදුලු දුක තද කරන්
හිත තුල





Snowy 🥀

මේක නම් මං ඇත්තටම ලිව්වේ Jungmi_11 author ගෙ autumn leaves පොත කියවලා..ඇත්තටම ඒ කතාව මාරම ලස්සනයි ❤️❤️

හෘද ස්පන්දනWhere stories live. Discover now