කෝපි පාට ඇස්

40 6 2
                                    

මම ආදරය වැඩිපුරම දැක්කෙ

උබේ ඔය කෝපි පාට ඇස් ඇතුලේ

වචන ගොඩකින් කියන්න ඕන කතා

ඔය කෝපි පාට ඇස් ඇතුලෙ

ලියවිලා තිබුනා හරි අපූරුවට

ඒ ලියවුන හැම කතාවක්ම

ආයෙ ආයෙ කියවන්න

නොදැනිම මම ඇබ්බැහි වෙලා

ඒකමයි බං මම

හුඟක් කතා ලියවුන

උබේ කෝපි පාට ඇස් ඇතුලේ

අතරමං උනේ හැමදාම



ඒත්...මට අමතක උනා,


හැම කතාවක්ම ලියවිලා තිබුනේ
මගේ නමට නෙවෙයි කියල ❤️‍🩹



Snowy 🥀

හෘද ස්පන්දනWhere stories live. Discover now