දියමන්තිත් දවසක දිරාවි

22 6 0
                                    

උබ හැමදේම වැළලුවලු...
උබම මට එහෙම කියද්දි අහන්න හිතුණා,ඒ වල කපන්න උදැල්ලක් ගන්න පුලුවන් වුනාද කියලා ඒත් මං මටම කියා ගත්තා
"උබේ පෝසත් හිතට එකක් නෙමෙයි උදළු දාහක් වුනත් ගතහැකිනෙ කියලා"

තාම උබ දිලා ගිය මතක එක්ක විදවනවා කියලා දකින ඔක්කොම කියනවා උබ වැළලුවෙ මැණික් කියලා උබ දන්නවා කියලා, මං අහන්නේ ඇයි බං දන්නවනම් මැණික් වැළලුවෙ කියලා,

වෙලාවකට මෙහෙම හිතෙනවා,
"ඒ මැණික් ගල් කැට වගේ උබට පෙනුන නිසා හොද උදැල්ලක් අරගෙන උබ ඒවා වළලලා දාන්න ඇති කියලා"

නොකිව්වට උබේ හිතත් දන්නවා ඇති මැණික් වුනත් ගල් කැට වුනත් පිරිසිදුවට මුලින්ම අයිති වුනේ උබට කියලා ඒ නිසාම ඒවා දිරන්නැ කියලා

කොහොමහරි බලාගෙන පරිස්සමෙන් බං

මහ වැස්සට හෙන ගහද්දි අකුණු නොවදින්න එලියට විසි කරේ උදැල්ලක් කියලා මොකද යකඩ අකුණු කොහෙ ගියත් ලගට ඇදලා ගත්තා කියලා,

ආ අනික, වටිනාකමක් නොදී වළලලා දාපු අර ගල් කියලා රැවටිච්ච මැණික්
ගල් ටික,
ඔපදමලා බලපං කාටහරි කියලා,ඌ කියයි හැමෝටම වැරදිලා කියලා,මොකද නොදැනුවත් කමට ඒ මැණික් කියලා හිතුවත් ඇත්තටම ඒ මහ විදුරුවක් වුනත් දෙකට පලන දියමන්ති කියලා,

ඉතින් මා ආදර සදාදරණීය හිතවත,
මං අහන්නේ...
දියමන්ති වළලන්න අලුත් උදැල්ලක් ගත්ත උබ අකුණෙන් බේරෙන්න ඒ උදැප්ල එලියට විසි නොකරයිද, මහ⁣ හෙන පුපුරද්දි අලුතින් ගත්තා කියලා උභ ඒක බදාගෙන ඉදීද,උබ ලග තිබ්බයි කියලා යකඩ ඒවගෙ සුපුරුදු ගුණ අත අරීද,

ඒ වගේ උදැල්ලක් හැමදේම වළලන්න උබ ගත්තට මැරුනත් හැමදේම ලග තියා ගත්තත් මමනම් ජීවිතේට ගන්නැ,මොකද දෙවියො ඉන්නවනම් මේ ලෝකේ,දවසක උබම අතේ හම ගිහින් ලේ වැක්කෙරෙනකල් පොළව හාරලා ඒ දියමන්ති හොයාවි,
ඔව් දෙවියො ඉන්නවනම් එහෙම වේවි...

"උබ වහලා දාපු වළ උබේ අත් වලින්ම උබම දවසක හාරාවි, එදාට රසායන විද්‍යාවට පටහැනිව දියමන්ති පිටතින් දිරලා තියේවි"

~Min hi~

හෘද ස්පන්දනWhere stories live. Discover now