ෆැන්ටසිය 2

15 5 4
                                    

සැබෑ ලෝකෙ ජීවත් වෙයන්
ෆැන්ටසියෙන් බැහැල කිව්වට
උබල දන්නවද  සැබෑ ලෝකෙට වඩා
ෆැන්ටසිය ඇතුලෙ මම තනියම
හරි අපූරුවට හුස්ම ගන්නවා....

සැබෑ ලෝකෙදි මට මම වෙන්න
එකෙක් උදව් කරේ නැතිකොට
මටත් නොදැනිම මම
ෆැන්ටසියෙන් ඇතුලෙන් මාවම හොයාගෙන....

සැබෑ ලෝකෙදී ජීවත් වෙන්න
යාලුවො හෙව්වට
ෆැන්ටසිය ඇතුලෙදි හිතුනෙම
තනිකම කොච්චර ලස්සනද කියල...

ඉතින් මම උබලට කියන්නෙම
හිත් රිදීම් තියෙන සැබෑ ලෝකෙට වඩා
මට මාවම ලැබුන ෆැන්ටසිය සුන්දරයි...

ඉතින් එක පාරක් ඇවිත් බලපන්
මේ ෆැන්ටසිය ඇතුලට
උබලටත් හිතේවි ෆැන්ටසිය ඇතුලෙ හැමදාම ජීවත් වෙන්න....




Snowy 🥀

හෘද ස්පන්දනWhere stories live. Discover now