රැල්ල සහ වෙරල

18 6 6
                                    

රැල්ල වෙරළට ආදරෙයි නම්
ඇයි රැල්ලට බැරි උනේ
වෙරළ ළඟ නවතින්න
කෙටි කාලයකට හරි
වෙරළ සිපගෙන යන රැල්ලත්
ආස ඇති නේද
හැමදාටම වෙරළ ළඟ ඉන්න
ඒත් දෛවයේ ලියවුන විදිහටම
වෙරළ සිපගත්තු රැල්ල ඇදෙන්නෙම
මිරිඟුවක් උන ක්ෂිතිජය දිහාවට
වැල්ලෙ ලියවුන
මතක සටහන් මකාගෙන
ක්ෂිතිජය දිහාවට යන
රැල්ල දිහා බලන්
වෙරළ හැමදාම හූල්ලනවා
රැල්ල වෙරළ ළඟ සදහටම
නවතින දවසකට මඟ බලන්....







Snowy 🥀

හෘද ස්පන්දනWhere stories live. Discover now