ෆැන්ටසිය

24 6 5
                                    

ඇස් වලින් වැදුන ෆොටෝ
ඩිලීට් කරගන්න බැරි වෙනකොට
හඳට කතා කරලා
දුක කියන්න හිතෙන එක අසාධාරණද....

කියාගන්න බැරි හැඟීම් වලින්
හිතම පිරෙනකොට
හමා යන සුළඟ එක්ක
සුසුම් පා කරන එක
චපලකමක්ද....

රොබෝලා වගේ
මිනිස්සු මැද නිහඬවෙලා
හැඟීම් අකුරු කරන එක
පිස්සුවක්ද...

උබල ජීවත් වෙන
විරූපි රියැලටියට වඩා
මම ජීවත් වෙන ෆැන්ටසිය
හිත් පිත් නැති උබලට
හිතාගන්න බැරි
හිතලුවක්ද....

~Min hi~




Bloodcake003 ❤️🥺

හෘද ස්පන්දනWhere stories live. Discover now