ඒක වැස්සක්

17 6 3
                                    

දෙයක් අහන්නද අහස්!!!

වැස්සට ආසා ගොඩක් අය ගොරවනවට බයයි
ඒත් වැස්ස ගොරවනවට ආසයි
ගොරවන්නැතුව වහින නිස්කලංක වැස්සට වැඩිය අන්ධකාරෙ මැදින් එලිය විවී ගහන අකුණු... පුපුරන හෙන ගෙඩි එකතු වුනාම වැස්ස ලස්සන නැද්ද

මං තියන ප්‍රශ්නෙ වැස්සට ආදරෙයිනම් වැස්ස විදින්න බලාපොරොත්තු වෙනවනම් ඇයි මිනිස්සු ගොරවනවට අකුණු ගහනවට බය,

මල් පෙති උඩ හිමින් සීරුවෙ වැටෙන වැහි බින්දු තියන වැස්සටද මිනිස්සු ආදරේ කරන්නෙ,ගස් වල අතු අතරින් රූටලා බිමට වැටෙන වැහි බින්දු තියන වැස්සද මිනිස්සුන්ට ඕනා වෙලා තියෙන්නේ

ඇයි ඇත්ත වැස්සට මූණ නොදී මවාගත්තු වැස්සක් විදින්න මිනිස්සු පොරකන්නෙ,ඇයි ඔච්චර සියුමැලි වෙන්නේ රළු රුදුරු දේ වලින් ඈත් වෙලා

වැස්සක්නම් ඒක වැස්සක් නැතුව හිරි පොදක් නෙමෙයි.....

~Min hi~

හෘද ස්පන්දනWhere stories live. Discover now