Chapter 12

144 20 0
                                    

   දැන් ඉතිං දවල්ට කාලා දෙන්නම ගියේ party එකේ hotel එක බලන්න. කුකී එතන අයත් එක්ක decoretion බලනකන් taehyung අනිත් වැඩ ටික බැලුවා. එතකොට තමයි එතනට hall එක design කරන කෙනා ආවෙ. ඒ වෙන කව්රුත් නෙමෙයි park jimin. jimin තමයි taehyung එක්ක මේ වගේ වැඩ වලට එකටම හිටියෙ. ඉතිං මේ පාර party එකටත් taehyung hall එක design කරන්න jiminටම තමයි භාර දුන්නෙ.

  '' hiii taehyung , sory බං ටිකක් පරක්කු උණා. ''

'' ඒකට අවුලක් නෑ, මට මේ පාරත් වැඩේ සුපිරියටම ඕනෙ හරිද. ''

'' අයියෝ ඒක ගැන පොඩ්ඩක් වත් බය වෙන්න එපා , උඹ දන්නවා නෙ ඉතිං මං ගැන. ''

'' ඒක තමා බං මං උඹටම මේකත් භාර දුන්නෙ.  ''

'' ඒ ඒක නෙමෙයි බං , කව්ද අර අතන ඉන්න cute කොල්ලා. පට්ට ලස්සනක් නෙ බං තියෙන්නෙ. ''

'' එයා තමා මාත් එක්ක මේ පාර party එකේ වැඩ බලන්න ඉන්නෙ. ''

'' අහ් ඉතිං මාව ඇදුන්වලා දෙන්නෙ නැද්ද ''

'' hmm......''

    taehyung එහෙම කියලා දෙන්නත් එක්කම ගියේ කුකී ලඟට. කුකී පුදුම වෙලා වගේ jimin දිහා බලන් හිටියා. දැක්ක පළවෙනි පාරම jiminටත් වචන අමතක උනා කිව්වොත් හරි. මොකද ඒ තරම් ඒ බැල්ම හුරතල්.

  '' h..hii මං jimin. ''

'' hii....මං jungkook  ''
    කුකී එහෙම කියලා jiminට අතට අත දුන්නා. කුකීට නම් තාමත් හිතා ගන්න බෑ මෙයා කව්ද කියලා.

'' jungkook?  හරිම cute නමක් නෙ. පෙනුම වගේම නමත් තියෙන්නෙ. ''

'' ඇති ඇති.... කාලෙ නාස්ති කරන්න එපා වැඩ ටික කරන්න. ''
   taehyung එහෙම කිව්වෙ jiminගෙයි කුකීගෙයි අත් දෙක ඈත් කරන ගමන්.
ඇත්තම කියනවා නම් taehyung කැමති නෑ කුකීව කව්රුත් එහෙම අල්ලනවාට.

  ටික වෙලාවක් එයාලා එතන decoretion ටික බැලුවා. අඩු පාඩු, ඒවා set කරන විදිහ මේ හැමදේම ගැන කුකී හොඳට හොයලා බැලුවා. jiminනුත් කුකී එක්ක ඒ වැඩ වලට උදව් කරා. taehyung අනිත් වැඩ වලට හිර වෙලා හිටිය නිසා එයාට කුකී දිහා බලන්න වත් බැරි උනා. ඉතිං taehyung ඉක්මනින් ඒ වැඩ ටික ඉවර කරලා hall එක පැත්තට ආවෙ කුකීව බලන්න කියලා. එතකොටම එතන දැක්ක දෙයින් taehyungගෙ පපුව පිච්චිලා ගියා. ඒ වගේම එයාගෙ රතු කට්ට පනින්න ඔන්න මෙන්න තිබ්බෙ.

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now