Chapter 15

154 17 1
                                    

  කුකී drive කරන ගමන් කොයි වෙලෙත් බැලුවේ එයාගෙ ලඟ ඉන්න cuteම cute නපුරු boss දිහා.

'' කොහොමද දෙවියනේ ඔබතුමා මෙච්චර ලස්සනට මිනිස්සු මවන්නේ? ''

   කුකී එහෙම කියලා බලන් හිටියෙ ඒ ලස්සන දර්ශනෙ දිහා. කුකීට එවෙලේ දැනුණ ඒ හැඟීම මොකක්ද කියනවා නම්  එයාට හිතා ගන්න බෑ ඇයි එහෙම වෙන්නෙ කියලා.

  ටික වෙලාවකට පස්සෙ car එක නැවත්තුවෙ taehyungගෙ ලොකුම ලොකු මාලිගාවක් වගේ තියෙන ගෙදර ඉස්සරහ.

කුකී car එකෙන් බැහැලා taehyungගෙ පැත්තෙ දොර ඇරියේ taehyungව ගන්න කියලා හිතාගෙන.

'' s..sir අපි ගෙදරට ආවා. කෝ නැගිටින්න අපි ඇතුලට යමු. ''

  කුකී කොච්චර කිව්වත් taehyung නම් නෑ නැගිටින පාටක්. කුකී ආපහු කිව්වෙ නම් ටිකක් සැර කරලා.

'' අනේ sir නැගිටිනවා ද නැද්ද , ඔන්න නැගිට්ටේ නැත්තං මං යනවා හොදේ.''

  එහෙම කිව්වම , taehyung කිව්ව දෙයින් කුකීට වචන නැතුව ගියා කිව්වොත් හරි.

'' අනේ මාව දාලා යන්න එපා කුකී.... ඔයත් ගියොත් මං ආපහු තනි වෙනවා , මං කැමති නෑ ඒකට. pls කුකී....''

  එහෙම කියද්දි කුකීගෙ හිතට ආපු ඒ දුක කුකීටවත් කියා ගන්න තේරෙන්න නෑ. ඇයි taehyung එහෙම කිව්වෙ , ආපහු තනි වෙනවා කිව්වෙ ඇයි,  මේ වගේ ප්‍රශ්ණ ගොඩක් කුකීගෙ ඔලුවට ආවා.

කොහොම හරි කුකී taehyungව car එකෙන් එලියට අරගෙන ගෙදර දොර ලඟට ඇවිත් bell එක ගැහුවෙ එයාගෙ ලඟ ගෙදර යතුරවත් නැති නිසා. ඒත් එක්කම දොර ඇරපු කෙනා ගල් උනේ taehyung ඉන්න විදිහ දැකලා. කුකීගෙ ඇඟට තුරුල් වෙලා , ඒ උණුහුම අස්සෙ හිටියෙ හරියට පොඩි පැටියෙක් අම්මගෙ ඇඟට තුරුල් වෙලා ඉන්නවා වගේ.

  ඉතිං කුකී taehyungව ඒ ගෙදර වැඩ කරන කෙනාට භාර දීලා යන්න හැදුවත්
taehyung නම් ඒකට ඉඩ දුන්නෙ නෑ.
taehyung කුකීගෙ ඇඟ වටෙන් අත යවලා කුකීව තද කරලා අල්ල ගත්තෙ එයාට හෙල වෙන්නවත් බැරි වෙන්න. කොහොම හරි ඉතිං කුකීටම සිද්ද උනා
taehyungව කාමරේට ගිහිල්ලා දාන්න. එතන හිටපු වැඩ කරන කෙනා එක්ක එකතු වෙලා taehyungව ඇදට දැම්මම ඒ වැඩ කරන කෙනා ගියේ ලාවට හිනාවකුත් දාගෙන.

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now