Chapter 18

146 18 1
                                    


  මේ දෙන්න ටික වෙලාවක ගමනින් ආවෙ ලස්සනම ලස්සන beach එකක් ලඟට. පළවෙනි දවසෙ ආවට වඩා වෙනස් , අමුතු හැඟීමක් දෙන්නගේ හිත් වලට ආවෙ යාලු වෙලා මේ දෙන්නා මෙහෙම ආපු පළවෙනි පාර නිසා වෙන්න ඇති කියලා දෙන්නගෙම හිත් වලට අගවද්දි.

  කුකී taehyungගෙ අතේ එල්ලිලා විනාඩි 10 ක් විතර මුහුදු වෙරළේ ඇවිද්දේ ඒ හිත් හරිම ආදරයෙන් පුරවලා.

ටිකක් වෙලා මේ දෙන්නා මෙහෙම ඇවිදලා ඇවිත් එතන වැල්ලේ බිම ඉද ගත්තෙ මහන්සිය නිවා ගන්න කියලා හිතාගෙන.
 
   taehyung නම් හිටියෙ හරිම සතුටින්. එයා මේ වගේ ජීවිතයක් ගැන හිතලාවත් තිබ්බ කෙනෙක් නෙමෙයි. ඒත් කුකී ආවට පස්සෙ එයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උණා.

  ඇත්තම කිව්වොත් ආදරය ගැන කිසි බලාපොරොත්තුවක් තිබුණෙ නැති , ආදරය ගැන විශ්වාස කරපු නැති , ඒ ගලක් වගේ හිතට ආදරය කියන දේ දැනෙන්න දීලා , ආදරය කියන්නෙ හරි ලස්සන දෙයක් කියලා තේරුන් කරන්න පුලුවන් උනේ කුකීට විතරයි.

  taehyung කුකී දිහා බලාගෙන හිටියෙ හරිම ආදරෙන්. ඒ අස්සෙ තමයි ඉතිං කුකීගෙ ළමා ගතිය එලියට එන්න ගත්තෙ.

  කුකී එක පාරට shirt එක ගලවලා taehyungවත් ඇදගෙන රැල්ල පාගන්න ගියේ හරියට පොඩි බබෙක් වගේ. ඒ කොල්ලා ඒක කළේ තියෙන දගකාර කමට උනාට taehyungට නම් නිකං වෙනම ලෝකෙකට ගියා වගෙයි දැනුණේ.

  '' අනේ sir ඔයත් එන්නකො අපි ටිකක් විනෝද වෙමු..... ''

  කුකී එහෙම කිව්වට taehyungට නම් ඒක හරියට ඇහුනෙ නෑ. මොකද කුකී කරපු වැඩෙන් මේ කොල්ලා වෙනම ලෝකෙක හිර වෙලා නෙ. taehyungගෙ ඇස් දෙක නම් කුකීගෙ ඇගෙන් අයින් වෙන පාටක් පේන්න නෑ. ඒ තරම් taehyung ඒ රූපෙට වහ වැටිලා ඉවරයි.

  කොහොම උනත් taehyungට කුකීගෙන් නම් ගැලවෙන්න විදිහක් නෑ. කුකී taehyungව ඇදගෙන ඇවිත් මුහුදට තල්ලු කළේ taehyung එයාගෙ හීන ලෝකෙන් ඇහැරෙද්දි. ඒ අතරේ ඒක බලන් හිටපු කුකීට නම් හිනාව පාලනේ කර ගන්න බැරි උනා. එයා හයියෙන් හිනා උනේ බඩත් අල්ලගෙන.

  ඒ වෙලේ taehyung කුකීගෙ ඇඟ වටෙන් අත යවලා කුකීව එයාගෙ ලඟට ඇද ගත්තෙ කුකීගෙ හිනාවත් ගල් වෙද්දි.

  තප්පරයක් යන්නත් කලින් taehyung කුකීගෙ තොල් වලට බර උනේ ඒ හිතේ තියෙන ආදරේ තවත් හිර කරන් ඉන්න බැරි නිසා.

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now