Chapter 14

138 20 5
                                    

  කුකී wash එකක් දාන් ලෑස්ති උණේ party එකට යන්න කියලා උනාට කොහෙද එයාට party එකට යන්න කිසි partner කෙනෙක් නෑ. එයා හිතුවෙ taehyung එයාගෙන් අහයි කියලා උනාට එයා එක්ක දවල් රණ්ඩු උන නිසා taehyungටත් ඒක අහන්න බැරි උනා. ඉතිං කුකී තීරණේ කරා ජිමින් එක්ක party එකට යන්න. ජිමින් ඉතිං ලේසියෙන් කුකීට බෑ කියන්නෙත් නෑනෙ.

  කුකී එහෙම හිතද්දි taehyung එයාගෙ ගෙදර ඉඳන් කල්පනා කළෙත් කුකී ගැන තමයි ඉතිං. කොහොමත් taehyungගෙ ඔළුවෙ වැඩ කරන්නේ එයාගෙ කුකී ගැන විතරයි නෙ.

'' මං call එකක්වත් දාලා එයාගෙන් ඇහුවොත් එයා කැමති වෙයිද ''

'' තාම මාත් එක්ක තරහින් ද දන්නෙ නෑ ඉන්නෙ. ''

'' එක්කො msg එකක් දාන්නම්. ''

  taehyung එයාටම කියා ගත්තෙ එයා මොනා කරන්න ද කියලා එයාටවත් තේරෙන්නේ නැති නිසා. මේ අතරෙ තමයි ඩේසී taehyungට call එකක් ගත්තෙ. taehyung එයාගෙ call එක cut කරත් ඩේසී ආපහු සැරයක් taehyungට ගත්ත නිසා taehyung ඒ call එක answer කරා.

@in call

'' මේ taehyung. අද මාත් එක්ක party එකට යමුද , මට කිසි partner කෙනෙක් නෑ අනේ , අනිත් එක ඔයත් තනියෙන්නෙ. ''

'' මට බෑ, ඔයා වෙන කෙනෙක් එක්ක යන්න. ''

'' අනේ මොකක්ද අප්පා. මං දැන් කිව්වා නෙ මට වෙන කව්රුත් නෑ කියලා. යමුකො අනේ. ''

'' මං කිව්වනේ මට බෑ කියලා. මං තියනවා. ''

එහෙම කියලා taehyung call එකත් cut කරලා phone එක ඇදට විසික් කළේ ආපු කේන්තියටමයි. මොකද taehyung දන්නවා අද උන එයාගෙයි කුකීගෙන් රණ්ඩුවට මූලිකම හේතුව ඩේසී කියලා.

කොහොම හරි  taehyung ආපහු විසික් කරපු phone එක අරන් call කළේ ජිමින්ට. එයා හිතුවා ජිමින්ගෙන් වත් එයාට උදව්වක් ගන්න පුලුවන් වෙයි කියලා.

@in call

'' hey ජිමින්. ''

'' ඔව් taehyung කියපන්. ''

'' මේ බං අද party එකට යන්න.......''

taehyungට ඒ කතාව ඉවර කරන්න බැරි උනේ ජිමින් මැද්දෙන් පැනලා කතා කරන්න පටන් ගත්ත නිසා. හැබැයි ඒ කිව්ව දෙයින් පස්සෙ නම් taehyungගෙ ඇස් වලට කඳුලු ආවෙ ඉබේටමයි.

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now