Chapter 17

145 21 0
                                    

 
    ඊලග දවසෙ උදෙන්ම company එකට ගිය කුකී වෙනදා වගේම එයාගෙ bunny smile එකෙන් කට්ටියටම ආචාර කරලා එයාගෙ මේසෙන් ගිහිං ඉද ගත්තා. හැබැයි අද කට්ටිය හැසිරුණ විදිහට නම් කුකීට ටිකක් ටිකක් වගේ සැක හිතුණා. එතකොට තමයි එතනට ලී ජුන් ආවෙ.

'' hey good morning කොල්ලෝ.....''

   ලී ජුන් කිව්වෙ කුකීගෙ කරටත් අත දාන ගමන්.

'' hii හියුන්ගි. good morning, කොහොමද ඉතිං. ''

'' හොඳයි. මේ ඒක නෙමෙයි මොකක්ද ඔයාට අපේ boss එක්ක තියෙන සම්බන්ධෙ. ''

'' b..boss එක්ක. මු..මුකුත් නෑ. ඇයි එ..එහෙම අ..අහන්නෙ හියුන්ගි. ''

ලී ජුන් එහෙම ඇහුවම කුකීට නිකං හුස්ම හිර උනා වගේ දැනුණා. එයා බොහොම අමාරුවෙන් ගොත ගගහා උත්තර දුන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා.

  '' මොකෝ මේ කොල්ලට දාඩිය දාලා. ''

'' එ..එහෙම නෑ හියුන්ගි. අනේ පිස්සු දේවල් අහන්න එපා අප්ප. මට වැඩ තියෙනවා යන්නකො...''

'' අහ්.... හාකො හාකො ඉතිං ,බලමුකෝ මේ ඒක නෙමෙයි ඔයාල අතරෙ එහෙම මුකුත් නෑ නේද. ''

'' අනේ නෑ හියුන්ගි නෑ. ආයි අහන්න එපා. දැන් එක පාරක් නෑ කියලා කිව්වා නෙ. ''

'' හරි එහෙනම් කමක් නෑ. මට සැක හිතුණ නිසා අහුවෙ. හරි එහෙන්ම්. boss ඔයාට cabin එකට කතා කලා. ඒකයි මං නිකං දැන ගන්න අහුවෙ. ප්‍රශ්ණයක් ද කියලා. ''

'' අ.අහ්... හරි හියුන්ගි. ''

'' හරි එහෙනම් ඔයා යන්න. ''

'' හරි. ''

   එහෙම කිව්ව කුකී ලී ජුන් යනකං ඉදලා cabin එකට ගියේ taehyung කතා කරලා කියලා කිව්ව නිසා.
__________________________________
( in the cabin)

  '' s..sir මට කතා කරලා තිබ්බා. ''

'' sir කියන්න එපා මැණික. එන්න ඇතුලට ඇවිත් ඔය දොර වහන්නකො. ''

  taehyung කිව්වම කුකී දොර වහලා ඇතුලට ආවෙ ටිකක් බයෙන් බයෙන් වගේ. මොකද එයාට මෙහෙම කවදාවත් වෙලත් නෑ, එයාට ඒක ගැන හරි අවබෝධයකුත් නෑ.

  කුකී ටිකක් හිමීට හිමීට  taehyungගෙ මේසෙ ලඟට ආවම taehyung පුටුවෙන් නැගිට්ටේ කුකීව තව ටිකක් බය කරලා. එයා කුකී ලඟට ඇවිත් කුකීගෙ ඉණ වටෙන් අත යවලා එයාව ලඟට ඇදල ගත්තෙ කුකීට මොනාද කරන්නේ කියලාවත් හිතා ගන්න බැරුව ඉද්දි.

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now