Chapter 19 ( final part )

267 23 9
                                    

@ in company

   උදෙන්ම දෙන්නත් එක්ක ලෑස්ති වෙලා එකටම company එකට ආවෙ කට්ටියව පුදුම කරවලා. ඒ කට්ටයට හිතා ගන්න බෑ මේ දෙන්න එකටමද ආවෙ නැත්තං දොර ළඟදි හම්බ වෙලාද කියලා. ඒ උනාට එයාල හොදටම දන්නවා taehyung එහෙම කාත් එක්කවත් ලේසියෙන් එන කෙනෙක් නෙමෙයි කියලා. ඉතිං ඒක නිසා මෙයාලට මේක ලොකු ප්‍රශ්ණයක් උනා.

'' කුකී , ඔයාලා දෙන්නා එකටද ආවෙ ?''

  එතන හිටපු කෙනෙක් ඇහුවේ කුකී ලඟට එද්දී. ඇත්තම කියනවා නම් කුකීට දෙන්න උත්තර නැති උනා. කොහොමද අනේ කටක් ඇරලා කියන්නෙ එයා එයාගෙ boss ට ආදරේ කරනවා , මේ ඉන්නෙ මගේ කොල්ලා කියලා කියන්න. ඒක නිසා කුකී කට වහගෙනම හිටියත් taehyungට නම් එහෙම ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

'' ඔයාට මොකද මෙයා කව්රු එක්ක ආවත්. ඔයා මෙයාගෙ කවුද. ''

  taehyung එහෙම ඇහුවෙ ප්‍රශ්නෙ අහපු කෙනා දිහාවට හැරෙන ගමන්.
taehyungගෙ ඒ හැසිරීමට කට්ටිය ටිකක් බය උනා කිව්වොත් හරි. ඔව් ඉතිං ඒ මූණ දැක්කම බය වෙන එකත් සාධාරණයි.

'' න..නෑ sir , මං නිකං ඇහුවෙ. ''

'' අහ්...නිකං ද හරි එහෙනම්. දැන් කට්ටියම ගිහිං වැඩ කරනවා....''

  taehyung සැර කරලා කිව්වම නම් කට්ටියව ගැස්සිලා ගියා. එයාලා ඉක්මන්ට ගිහිං එයාලගෙ මේස වලින් ඉද ගත්තෙ ආපහු වැඩ පටන් ගන්න කියලා හිතාගෙන. ඊට පස්සෙ taehyungනුත් එයාගෙ cabin එකට ගියේ කුකීට ඇහැකුත් ගහලා.

  ටිකක් වෙලා ගියාට පස්සෙ කුකී taehyungගෙ cabin එකට ගියේ taehyungගෙ අවසරයකුත් නැතිව. taehyung කැමති නෑ එයාගෙ අවසරයක් නැතුව කවුරුත් එයාගෙ cabin එකට එනවට. ඉතිං කුකී ඇතුලට ගිය ගමන්
taehyung කෑ ගහපු විදිහට නම් කුකී ගොඩක් බය උනා.

'' මොන හයියක් අරගෙනද අහන්නෙ නැතුව දොර ඇරගෙන එන්නෙ. ''

  taehyung වැඩ කරන ගමන් කෑ ගහලා ඔලුව ඉස්සූවාට පස්සෙ තමයි දැක්කෙ ඒ ඉන්නෙ කුකී කියලා. ඇත්තමයි එවෙලේ taehyungට එයා ගැනම ලොකු තරහක් ආවා. එයා කොහොමද එහෙම එයාගෙ කුකීට කතා කරන්නේ. අනිත් එක දොර එහා පැත්තෙ හිටපු අයටත් ඇහුණා taehyung කෑ ගහපු එක.

  දුක හිතුණ කුකී වචනයක් වත් කියන්නෙ නැතුව cabin එකෙන් එලියට යන්න හදද්දී taehyung ගිහිං එයාව අතින් අල්ලන් නවත්ත ගත්තේ එයාට කුකී ගැන දුක හිතුණ නිසා.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 30, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Strangers to lovers ❤️✨ ( Complete) Where stories live. Discover now