Chapter 3

948 151 10
                                    

මම එලියට එන්න නැගිටිනකොට කිසිම හැගිමක් නැතිව දිමාන් අයියා නැගිටලා ඇතුලට ගියා... අර ගෙදර වැඩට ඉන්න කෙනා ගොඩක් දුකෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා උනත් මම වැඩිය හිතන්නේ නැතිව හිනා වෙලා එලියට ආවා..... බෑග් දෙකත් ලගට අරගෙන එලියේ තියන පුටුවක වාඩි වෙලා දිමාන් අයියා එනවා කිව්ව ටැක්සි එක එනකම් බලාගන හිටියා....

ඇත්තටම මෙච්චර වෙලා උන කිසිම දේකට මගේ හිත එක අංශු මාත්‍රයකට රිදුනේ නෑ.... මට රිද්දනත් බෑ... මොකද මේ හිත පොඩි වයසෙන්ම රිදෙන්න ඕන උපරිමෙන්ම රිදිලා හැගිම් මැරිලා ගිය හිතක්... අවංකවම කිව්වොත් මගේ දරාගැනිම ගැන මම උපරිමෙන්ම ආඩම්බර වෙන කෙනෙක්.... ජීවිතේ අනේකවිධ හැල හැප්පීම් වලට මූන දීලම මමත් හොදට පදම් කරපු හමක් ගානට වෙලා තියෙන්නේ.... කොච්චර ගැහැව්වත් රිදෙන්නේ නෑ....

"මහත්තයෝ...."

මගේ ලගට ආපු අර ගෑණුකෙනා ඇතුලේ ඉදන් එලියට කවුරු හරි එනවා ද කියලා බලනවා වගේ ගේ ඇතුලට එබෙන ගමන් මගේ දිහා බැලුවා....

"සමාවෙන්න මහත්තයෝ..... අපේ මහත්තයා...."

"අනේ සමාවෙන්න කියන්න එපා අම්මේ... මොකද මමයි වැරදි..... මගේ යාළුවාගේ කම්පැනි එක කියලා මට හිතුන හිතුන විදිහට වැඩ කරන්න බෑනේ... මේවට නීති රීති කියල දේකුත් තියනව නෙහ්.... අනික මම එන්න කලින්ම කෝල් එකක් දීලා සර්ට පොඩ්ඩක් කතා කරා නම් මෙහෙට ඇවිත් සර්ට කරදරයක් වෙන්නේ නැතුව කෙලින්ම නතර වෙන තැනට ඒ වාහනේම යන්න තිබ්බා.... මිස්ටර් දිමාන් කියන කතාව හරි අම්මේ..... මෙහෙම පිළිවෙලක් නැතිව වැඩ කරන මනුස්සයෙක්ට කොහොමද බය නැතුව වගකීමෙන් වැඩක් භාරදෙන්නේ....."

මම අවංකව මගේ හිතට දැනුන අදහසයි කිවේ.... ඒත් අර ගෑණුකෙනා නම් පුදුම වෙලා යන්තම් කදුළු පටලෙකින් වැහුනු ඇස් වලින් මගේ දිහා බැලුවා.....

"අනේ අම්මේ ඇයි මේ..... මොකක්ද වුනේ... මම මොකක් හරි වැරදි දෙයක් කිව්වද..."

"නෑ... නෑ.... මහත්තයෝ.... කෙනෙක් අපේ මහත්තයාගේ හිත හරියටම තේරුම් අරගෙන කතා කරනවා මම ඔය ඇහැව්වමයි.... මට දරාගන්න බැරිව ගියා.... ගොඩක් අය අපේ මහත්තයාට කැමති නෑ මහත්තයෝ... පිස්සෙක් කියලා කියන්නේ... අපේ මහත්තයා එක්ක එකට වැඩකරන්න අමාරුයි.... පොඩි දේටත් කේන්ති ගිහින් කෑගහන මැරයෙක් වගේ මිනිහෙක් කියලා කියන්නේ... ඒත් අර නොදරුවගෙ හිතයි අපේ මහත්තයාගේ හිතයි දෙකම එක වගේ මහත්තයෝ.... හරිම අහිංසකයි..... ඒත් අපි කාටවත් අපේ මහත්තයාගේ හිතේ ඇතුලේ තියන දේ පේන්නේ නෑ මහත්තයෝ...."

අදූර් || YizhanWhere stories live. Discover now