හැමදේම හරිම අමුතුයි කියලා මට හිතුනා.... පේන්න තියන දේ නෙවෙයි ඇතුලතින් තියෙන්නේ.... දිමාන් අයියගේ හැසිරිමත් මට ඒ වගේ දැනුනේ එයා ගොඩක් පරිස්සන් වෙන්න හදවා වගේ කියලා දැනුනා... හරියට එයාව ඇදලා ගන්න හදන දේකින් ඈත් වෙන්න හදනවා වගේ..... මනෝපාරක් දාගන කොත්තු එකෙන් කටවල් දෙකක් කනකොටම ෆෝන් එක රිංස් ගියා....
"අදූර් උඹට කොහොමද කොල්ලෝ... කොහෙද ඉන්නේ... නවතින්න ලැබුන තැන කොහොමද....අවුලක් නැද්ද..."
කාපු කෑම කට මගේ උගුරේ හිර වුනා... දෙයියෙනේ ඇයි උඹට මේ තරම් මාව දැනෙන්නේ විරාන්... මට උහුලන්න බැරි ඒකමයි... මම කටක් ඇරලා කියන්නේ කොහොමද මේ ගල් හිතට උඹ ගැන එක අංශු මාත්‍රයකට මතක් උනේ නෑ කියලා... මට උඹට කොල් එකක් දිලා මම හොදින් කියලා කියන්න මතක් වුනේ නෑ..... අඩුම ගානේ මම හොදින් උඹ බය නොවි ඉදහන් කියලා මැසේජ් එකක් දාන්න මතක් උනේ නෑ....
"අනේ මට සමාවෙන් විරාන් මම...."
"අනේ නෑ බන්.... මම දන්නවා උබේ හිත අපේ හිත් වගේ ගැහෙන්නේ නෑ කියලා.... ඒක නිසා උඹ සොරි කියන්න ඕනේ නෑ.... බොරු වැල් වටාරන් ගහන්න ඕන නෑ... මට කියහන් උඹ කොහෙද ඉන්නේ උඹ හොදින්ද කියලා...."
"මම අද දිමාන් අයියලගේ ගෙදර නැවතුනා.... නැවතුනා නෙවෙයි ඇත්තටම කිව්වොත් නවතින්න සිද්ද වුනා........."
"ආ.... ඒ මොකෝ ඒ.... එකාතකට ඒක හොදයි.... ඒත් උඹට ඔය මනුස්සයා එක්ක ඉන්න පුලුවන් වෙයිද දන්නේ නෑ..... උගේ තියන නපුරු කමට අක්කාත් දාලා ගියා... "
ඌ මොනා කිව්වත් ඇත්තටම මට දැනෙන්නේ දිමාන් අයියා කියන්නේ හැම වැරැද්දක්ම තමන්ගේ පිටට අරගෙන මුලු ලෝකෙටම තමන් දවසක් හරි ආදරේ කරපු ගැහැණියගේ දහසකුත් වැරදි හංගන් ඇයව ලෝකයක් ඉදිරියේ නිදොස් කොට නිදහස් කර දැමු අමුතුම ගති පැවතුම් ඇති පිරිමියෙක් කියලා.....
"උඹ කලාද අදූර්... මම කන්න හදන්නේ.... මට උඹව මතක් වෙලා මේ ගත්තේ...."
මට මේවට කියන්න වචන නෑ..... දෙන්න උත්තරත් නෑ..... මගේ හිත මටම දොස් කියනවා මගේ මේ ආත්මාර්ථකාමී කුහක ගතිය නිසාමයි ජිවිතේට හරි හමන් ආදරයක් ලබන්නවත් විදින්නවත් පින නැත්තේ කියලා.....
YOU ARE READING
අදූර් || Yizhan
Fanfictionසීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කරපු නිසාම ඇස් කොන් රතු වෙලා... ටිකක් දැවිල්ලයි... ඇගිලි වලින් කෙස් අතර රැදි වතුර බින්දු ගසමින්ම මම ඇ...