Chapter 5

927 148 15
                                    

"මේ අදූර් වෙන්න ඕනේ......"

"ආ... ඔවු......"

"ආ... මම රිද්ම........"

"හෙලෝ...."

"සර් මට කතා කරලා කිව්වා ඔයා එයි කියලා... අපි ඔෆිස් එකට යන්න ඉස්සේල්ලා නවතින්න තියන තැනට යමුද... පහල තියෙන්නේ..."

"ආ එක හොදයි බෑග් ටික තියලා එන්න පුලුවන්නේ....."

මම එපා කියද්දි රිද්ම එක බෑග් එකක් ගත්තා... මේ පරිසරය පුදුම විදිහට ලස්සනයි... දවසක්ම උනත් බලාගෙන ඉන්න ආසා හිතෙන තරම් ලස්සනයි.......

"ආ..... මේක තමයි අපි දෙන්නගේ වාස භවන.... මේකේ සැප පහසුව පොඩ්ඩක් අඩුයි... ඒත් දෙයියනේ කියලා වැඩ කරලා ඇවිත් එක නින්දට නිදාගන පහුවදාට ඇහැරෙන්න තරම් සැප පහසු කාමරයක්.... අපි දෙන්නටම තමයි මේකේ ඉන්න වෙන්නේ..... තනි කාමරයක් දෙන්න තරම් පහසුකම් අඩුයි....."

"අනේ කිසි අවුලක් නෑ රිද්ම....."

මම බෑග් තියලා මූන හොදගෙන රිද්මත් එක්ක ඔෆ්ස් එක පැත්තට ගියා... හිතවට වඩා මේ වැඩේ ටිකක් ලෙකු එකක්... අපි යනකොට දිමාන් අයියා ඇවිත්..... මම සද්ද නැතිව රිද්ම කරන දේවල් බලාගෙන හිටියා.... කොච්චර කරත් දිමාන් අයියා මට කිව්ව සමහර වචන හිත ඇතුලේ නලියන එක අමතක කරන්න බෑ...

"අදූර්.... "

එක පාරම දිමාන් අයියා කතා කරනකොට මාව එක තැන නැවතුනා..... ඕන මගුලක් කියලා එයා ගාවට හිමිහිට ඇවිදගන ගියා.....

"ඔෆිස් එකක වැඩ කරනවට වඩා මෙහේ වැඩ කරන එක ගොඩක් වෙනස්..... අනිවාර්යෙන් කන්ස්‍ට්‍රක්ෂන් ෆිල්ඩ් එකේ මූලික දැනුම තියෙන්න ඕනේ.... නැත්නම් ටිකක් අමාරුයි මේ වැඩ හැන්ඩ්ල් කරගන්න......"

මම මුකුත් කියන්නේ නැතිව අහගෙන හිටියා......

"රිද්මට ගොඩක් එක්ස්පීරියන්ස් තියනවා.... එයා එක්ක එකතුවෙලා බේසික් නොලේජ් එක හදාගන්න... මොනා හරි නොතේරන දෙයක් තියනවා නම් අපි දෙන්නගෙන් කාගෙන් හරි අහගන්න...."

මම හා කියලා ඔලුව වැනුවට ඇත්තම කිව්වොත් මේ සම්බන්ධයෙන් මගේ දැනුම බිංදුවයි.....

*************

හැමදාම අපිට හිතන තරම් සැහැල්ලුවෙන් ලේසියෙන් කරන්න ජොබ්ස් ලැබෙන්නේ නෑ..... ගොඩක් වෙලාවට මට රිද්මගේ පස්සෙන් වැටිලා ඉගෙන ගන්න දේවල් තිබුනා..... මම දැන් මෙහෙට ඇවිත් සත දෙකක් වෙන්න ආවා....

අදූර් || YizhanWhere stories live. Discover now