Chapter 15

860 148 19
                                    

පිගානේ ඉතුරු වෙච්ච අන්තිම කෑල්ලත් බලෙන් මම දිමාන් අයියාට කැව්වා... ඒත් මට දැනුනා එයාගේ හැගිම් වෙන තැනක තියෙන්නේ කියලා... මම කවන කටක් කටක් ගානේ එයාගේ ඇතුලාන්තයෙන් මතුවෙලා එන මතකයන් වලින් ඒ හිත පිරෙනවා කියලා ඒ ඇස් දිහා බලනකොට මට දැනුනා.... ඒ වේදනාව ඒ ඇස්වලින් පේන්න වැඩි වෙලාවක් ගියේ නැ.... මොනා කරන්නද එයාලා අපි වගේ නෙවෙයි නෙහ් ආදරය කරපු ආදරය හොදින් විදපු මිනිස්සුනේ... එයාලට හූල්ල හූල්ල අඩන්න හරි මතක් කර කර පිච්චෙන්න හරි ආදරයෙන් පිරිලා තියන මතකයන් හිත් වල පිරිලා තියනවා..... අපි වගේ අයට තියෙන්නේ හිස් කඩදාසි වගේ කිසිම සලකුනක් නොතියා මැරිලා යන්න.....

අයියා ඇස් දෙක අනිත් අතින් තද කරලා පිහාගෙන තනියම හිනා වුනා.... මට දැනෙනවා ඒ හිත ඇතුලේ කකියන වේදනාව......

"උඹ දන්නවද මල්ලි.... ආදරය කරනකොට කවදාවත් හැම වෙලාවෙම අහිංසක විදිහට අනිත් එකා වෙනුවෙන් ආත්මයෙන් කැප වෙලා ජීවත් වෙන්න හොද නෑ......."

ඇත්තටම අයියේ මට ඕවා නිකම්ම නිකම් වචන විතරයි.... හරියට ඇස් පේන්නේ නැති කෙනෙක්ට පාට කියනවා වගේ.... ඒත් මම තේරෙනවා වගේ ඔලුව වනන ගමන් අන්තිම කටත් බලෙම්ම වගේ අයියට කැව්වා......

"මොකද දන්නවද... බැරිවෙලා හරි ඒ දෙන්නගේ වැරැද්දක් නැතිවම බැදිම බිදිලා වෙන් වෙන්න වුනොත් දෙන්නගෙන් කාටවත් ජීවත් වෙන්න බැරිවෙයි මල්ලියෝ..... හරියට මට වෙලා තියනවා වගේ..... මට හම්බ උනේ අන්න ඒ වගේ පිස්සෙක් මල්ලි..... මාව ඌ උගේ ජිවිතේම කරන් ජීවත් වුනේ.... අපි දෙන්නා අතරේ උඹ වැරදියි.... උඹව මට ගැලපෙන්න නෑ කියලා මට ඇගිල්ල දික්කරන්න කවදාවත් දෙයක් සිද්ද වුනේ නෑ.... එච්චර ආදරය කරපු එකාව අතාරින්න සිද්ද වෙනකොට මට මගේ ආත්මය මැරිලා ගියා වගේ වේදනාවක් දැනුනා...... උඹ ඔහොම කවන විදිහට මගේ හිත ඇතුලේ වල දාලා, අගුල් දාලා තියන හැමදේම මතුවෙන්න ගන්නවා බන්...... අපි එකට ජීවත් උන කාලේ කවදාවත් මට කෑම බෙදාගෙන කන්න සිද්ද වෙලා නෑ....... "

"ප්ලිස් අයියේ.... අපි ඕක නතර කරමු.... ගෙවිලා ගිය දේවල් මතක් කරන එකෙන් ඉතුරු වෙන්නේ දුකක් විතරයි......"

අදූර් || YizhanWhere stories live. Discover now