Chapter 7

965 153 14
                                    

අපි ඕනෙම මනුස්සයෙක්ගේ ඇතුලාන්තය දකින්නෙ නැතුව පිටින් විතරක් දකින තාක්කල් ඒ මනුස්සයාව තේරුම් ගන්න දකින්න ලැබෙන්නේ එක පැත්තකින් විතරයි කියලා මට හිතෙනවා...... කෙනෙක්ට පොඩ්ඩක් සමීප වෙලා බැලුවහම එතන ඉන්නේ අපි කවදාවත් නොදැක්ක අමුතුම කෙනෙක්.... ටිකෙන් ටික දිමාන් අයියා ගැන මගේ හිතේ පැලපදියම් වෙලා තිබුන පූර්ව නිගමනයන් ගොඩක් දුරට වෙනස් වෙන්න අරගෙන කියලා මට දැනුනා.....

ඉතින් දානේට කලින් දවසේ ලෑස්ති කරගන්න ඕනේ හැමදේම හදලා ඉවර කරගත්තා...... මොනදේ කරත් පැටියා මගේ ඔඩොක්කුවෙන් බහින්නේම නෑ..... මගේ පාලු හිතට ඒ පුංචි හදවත ගැහෙන හද ගැස්සම දැනෙන්න අරන් වගේ මටත් ඒ පුංචි උණුහුම නැතිව බෑ වගේ කියලා හිතුනා..... දන්නේ නෑ මගේ රත්තරනේ උඹට මාත් එක්ක සසරේ තියන බැදිම මොකද්ද කියලා..... ඒත් උඹව දකින කොට මට දාරගන්න බැරි තරම් ආදරයක් ඇති වෙන්නේ ඇයි කියනදේත් මට හිතාගන්න බෑ.......

"හරි එහෙනම් හෙට උදෙම්ම ඇහැරෙන්න තියන නිසා දැන් නිදාගමු......."

දිමාන් අයියා අන්තිමට කරන්න තිබුන වැඩ ටිකත් ඉවර කරලා එහෙම කිව්වා...... විරානුයි මමයි පුරුදු විදිහට වොෂ් එකක් දාගෙන ඇවිත් ඇදට පැනලා ඉස්සර වගේ නින්ද යනකම් කියව කියව ඉන්න ගත්තා...... සාමාන්‍යයෙන් අපි එකෙක්ට නින්ද යනකම් අනිත් එකා කියවනවා... ගොඩක් වෙලාවට මට තමයි කලින් නින්ද යන්නේ...... හිනාත් යනවා...... ගොඩක් දවසට විරාන් සීරියස් දෙයක් කියන කොට මට නින්ද ගිහින්...  එතකොට අරුට මල පැනලා මට ඇදෙන් බිමට වැටෙන්න ගහලා තියවා..... ඒ කරන දේවල් වලට පොඩ්ඩක් වත් කේන්ති යන්නේ නෑ...... හිනා යනවා මිසක්......

අපි දෙන්න විතරක් ඉන්න නිසා අපේ ගෙදර ඉද්දිත් කොහොමත් අපි දොර ලොක් කරේ නෑ...... ඒ පුරුද්දට අදත් අපේ කාමරේ දොර ඇරලා දාලා තිබුනේ...... වෙනදට නිදා ගන්න ආවම කියෝ කියෝ ඉන්නවා වගේ අදත් අපි කියෝ කියෝ ඉද්දී පුතා අපි දෙන්ගේ කාමරේට ආවා......

"අනේ සුදු..... ඔයා මේ කොහෙද එන්නේ.... අප්පච්චි කෝ....."

"මම අද බාප්පි එක්ක දොයියන්නේ....."

පැටියා එහෙම කියලා උඩ අතට නිදාගෙන හිටිය මගේ ඇග උඩ නැගලා චූටි ගෙඹි පැටියෙක් වගේ දෙපැත්තට කකුල් දාගෙන පපුව උඩ නිදාගත්තා... ඇත්තටම ඒ දේ මගේ පපුවටම දැනුනා.... ටිකකින් පැටියට නින්ද ගියා... මම හෙමිහිට කොට්ටයක් තියලා පුතාව අපි දෙන්නගෙ මැදින් ඇදෙන් පරිස්සමින් තියලා එයාගේ පැත්තට හැරිලා නිදාගත්තා.... ටිකකින් නින්දයි නොනින්දයි අතරේ හිටපු මට වතුර තිබහක් හැදිලා ඇහැරුනා.... ඇද අයිනේ තිබ්බ වතුර ජෝග්ගුවේ වතුර ඉවර වෙලා නිසා හිස් ජෝග්ගුවත් අරන් වතුර එකක් ගන්න මම කුස්සියට එනකොට දිමාන් අයියා සාලේට වෙලා ටීවි එකේ චැනල් මාරු කර කර ඉන්නවා.... ඇත්තටම මේ මනුස්සයාට රෑට නින්ද යන්නේ නැද්ද දන්නෙ නෑ...... මේකා බකමුනෙක්ද කෙහෙදො..... හෙට උදෙන්ම නැගිටින්නත් ඕනේ.... එහෙව් එකේ මේ මනුස්සයා ටීවී එකේ චැනල් මාරු කර කර ඉන්නවා.... බලන දේකුත් නෑ....

අදූර් || YizhanWhere stories live. Discover now