Chapter 11

929 152 21
                                    

දිමාන් කියන්නේ මහ ආඩම්බරකාර පිරිමියෙක්... ඇත්තටම පිරිමියෙක් උනාම ඇල් මැරිච්ච ස්භාවයට වඩා ඒ විදිහේ ආඩම්බරකාර විදිහට ඉන්නකොට තමයි ඒ පිරිමිකම ලස්සන වෙන්නෙ.... ඒ හින්දමද මන්දා එයා ගොඩක් වේදනාවට පත් උනා සමහර දේවල් මම බලෙන් වගේ කරනකොට......

"මොකෝ හිටගෙන.... භාවනා කරනවද......"

"නෑ අයියා.... මේ වොෂ් එකක් දාගන්න..."

"ඇයි වතුර එන්නේ නැද්ද.... "

"අයියෝ නෑ..... මේ... "

"මේක හරි නැත්නම් පහලින් වොෂ් එකක් දාගන්න....."

"අයියෝ මනුස්සයො.... මම ඇදුම් ගෙනාවේ නෑ අනේ...."

"ඉතින් මමද කිව්වේ ඇදුමක්වත් නැතුව එන්න කියලා..... අනික මෙහෙ ටෙලර්ලා නෑනේ ඔයාට ඇදුම් මහලා දෙන්න...."

අනේ අම්මපා මේ මිනිහා එක්ක මට එන කේන්තියක්.... මම මුකුත් කියන්නේ නැතුව පහලට යන්න හැරුනා....

"අනේ අනේ මල්ලි ප්ලිස්.... තරහ ගන්න එපා.... මම විහිලුවක් කලේ... ඔහොම පොඩ්ඩක් ඉන්න....."

මම අයෙමත් හැරුනා....

"අනේ මැණික පොඩ්ඩක් ඉන්න කෝ... බාප්පි ඇදුම් ගෙනල්ලා නෑලු නෙහ්...... අප්පත්තිගේ ඇදුමක් දිලා එන්නම් හොදේ......"

"නෑ..... මට කියන්න මම ගන්නම්.... කොයි කබඩ් එකෙද ගෙදරට අදින ඇදුම් තියෙන්නේ....."

"ඇත්තද එදා වගේ මගේ ඇදුම් හැමතැනම විසි කරන්නද....."

එදා අයියගේ අන්ඩවෙයා දෙකක් එල්ලන් හිටපු හැටි මතක් වෙලා මගේ මූනට ලේ පිරුනා.... අනේ සාන්ත මූට පොල්ලකින් ගහපන්..... මේකට ඕන කරන හැමදේම අමතකයි.... ඒත් ඕන නැති හැමදේම මතකයි....

අයියා අල්මාරිය ඇරල පොඩ්ඩක් එහේ මෙහේ බලුවා....

"මගේ ගාව ෂෝටවල් නෑ..... සරමක් තමයි දෙන්න වෙන්නෙ....."

"සරමක්.... ආ.... මේ...."

"ඇයි මොකෝ..... සරම් ඇදලා පුරුදු නෑ වගේ මහත්තයට..... කරන්න දෙයක් නෑ..... වවුලගේ මගුල් ගෙදර ආවනම් එල්ලිලා හිටු කිව්වලු.... පිරිමියෙක් උනාම කැඩෙන්නේ නැති වෙන්න සරමක් අදින්න දැනගන්න ඕනේ....."

අදූර් || YizhanKde žijí příběhy. Začni objevovat