Chapter 18

838 136 17
                                    

සැන්ඩ්‍රව දකින කොට මට ලොකු අසරණකමක් දැනුනා... අපි යද්දී එලියේ තිබ්බ පුටුවක් උඩ කකුලක් පිට කකුලක් දාගන සැන්ඩ්‍රා ඉදගන හිටියේ අගල් දෙක තුනක්වත් දිග නැති කොට සායකුත් ඇදගෙන..... රානි අම්මගෙ පංසල් ගිහින් සංසුන් කරගෙන ආපු හිත කොහේ ගිහින්ද දන්නේ නෑ..... තරහෙන් පුපුර පුපුර ඇතුලට ගියා.....

"අනේ ඩාලිං.... කොහෙද අනේ ෆෝන් එකත් ඕෆ් කරගෙන යන්නේ....."

මහා කෑදර කමකින් ගොදුරකට පනින හිවල් දේනුවක් වාගේ අයියගේ ඇගේ එල්ලෙන ගමන් කතා කලා....

"අපි පංසල් ගියා.... ෆෝන් එක වාහනේ දාලා ගිහින් තිබුනේ....."

"ඕ..... සෝ ස්විට්... මටත් කිව්වනම් මමත් එනවානේ අනේ..... හරි නරකයි ඔයා නම්....."

සැන්ඩ්‍රා අයියගේ පපුවට මිටි මොලවලා ගහන ගමන් පොඩ්ඩක් හුරතල් වෙන්න දැගලුවා....

"හරි සැන්ඩ්‍රා ඇතුලට එන්න......"

"බෑ..... බෑ...... ඉද ඉද ඉන්න වෙලා නෑ.... මම ආවේ ඔයාව එක්ක යන්න..... අපි පොඩ්ඩක් එලියට ගිහින් එමු ඩාලිං....."

"අනේ සොරි සැන්ඩ්‍රා.... අද නම් මම පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ...."

අයියා අසරණ විදිහට එහෙම කියනකොට මගේ හුස්මත් නතර වුනා....

"අයියෝ... ඕවා මොනාද..... කවුද අනේ ඔය පොඩි පොඩි අසනීප ගණන් ගන්නේ... පිරිමියෙක්ට ඕවත් මහ දේවල්ද........"

ඇත්තටම මේකි නම් අයියව කන්න ආපු යක්ෂනියක්..... ඒත් මම මොනා කියලා කරන්නද.....

"සැන්ඩ්‍රා...."

"අනේ බෑ කියන්න එපා බබා..... මේ අපේ ජීවිතේ ලස්සනම දවස් ටික.... මැරි කලාට පස්සේ මෙහෙම රිලැක්ස් වෙන්න බැරිවෙයි... අනික මගේ යාළුවෝ හැමෝම අපි දෙන්නා වෙනුවෙන් පුංච් පාටියක් ලෑස්ති කරලා තියනවා....."

අනේ මේ අසනීපෙන් ඉන්න මනුස්සයාව අත ඇරහන් දෙයියනේ කියලා මට කෑගහන්න හිතුනා... ඒත් මම මුකුත්ම නොකියා නින්ද ගිහින් හිටිය පැටියවත් තුරුල් කරගෙන කාමරයට ආවා... මට ඔයා වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතිව ඔයා විනාශ වෙලා බලාන ඉන්න තරම් අසරණ වෙලා තියෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ අයියේ...... අඩුම ගානේ වචනයකින්වත් උඹ වෙනුවෙන් දෙයක් කරගන්න බැරිව මම අන්ත අසරණ වෙලා..... ආත්මයක් නැති එකෙක් විදිහට මට මේ හැමදේම දිහා බලාන ඉන්න වෙලා තියෙන්නේ මොන සංසාර පවකටද කියලා මට හිතාගන්න බෑ.....

අදූර් || YizhanUnde poveștirile trăiesc. Descoperă acum