මේ හැමදේම හීනයක් වගේ කියලා දැනෙන තරමට ජීවිතේ සුන්දරව ගලාගෙන යන්න පටන් අරගෙන.... සිත පිරිලා තියන හැම මොහොතකම ඒ සතුට අතරින් ඒ බය ඒ පීඩාව මගේ හිත පීඩාවට පත් කලා...... මගේ ජීවිතේ වගේම අයියාගේ ජීවිතේ හැමදේම අත් ඇරලා අපි දෙන්නා අපි දෙන්නා ලගට වෙලා ඉන්න තිරණය කලා.... මොකද අපිට කොච්චර කලයක් තියෙවිද දන්නේ නැති නිසා... අනික මේ වෙනකොට අයියා අපි දෙන්නට ජොබ් එකක් නොකර කරදරයක් නැතිව ජීවත් වෙන්න තරම් ස්ථාවරයක් හදලා තියලා ඉවරයි.... අපි දෙන්නා වැඩකරපු සයිට් එකේ වැඩ විරාන් භාරගෙන කරගෙන ගියා...... ජීවිතේ මහා ලෝභ කමකින් ගතවෙන හැම පැය විසිහතරම අයියා ලගින් ඉන්න ලැබෙන එක කොයිතරම් සතුටක්ද කියලා හිතුනා....
"අනේ පුතේ ඇයි මේ උදෙන්ම නැගිටලා..... මට කතා කරා නම් ඉවරයිනේ...."
"ඔයා හැමදාම උදෙන්ම නැගිටින එකේ දැන් පොඩ්ඩක් නිදාගත්තා නම් මොනා වෙනවද රානි අම්මේ..... ඔයත් දැන් වයසයිනේ....."
"අනේ රත්තරනේ ඔයා උදේට උයලත් ඉවරද...."
රානි අම්මා භාජන අරින ගමන් දුකෙන් වගේ ඇහැව්වා... හිත සතුටින් නම් ඒ සතුට එක්ක මොනාද කරන්න බැරි කියලා හිතෙනවා......
"ආ.... මෙන්න ඔයාගේ තේක.... ඔයා හදවා වගේ රසනම් නැතුව ඇති ..."
මම රානි අම්මගේ තේක අතට දිලා අයියගේයි මගේයි තේ දෙක අරගෙන උඩට එන්න ආවා........
"අනේ ඇත්තට අප්පච්චි කෙනෙක් නේද මේ.... ඉන්න කැත විතරක්... අපිටයි කියන්නේ සරන් ඇගේ තියාගන්න බැරිනම් අදින්න එපා කියලා....."
මම අයියගේ සරම හදන ගමන් කතා කලා... ඒත් අයියගෙන් කිසිම සද්දයක් නෑ.....
"අයියේ... අයියේ... අයියේ.... අනේ කතා කරන්න අයියේ..... අයියේ..."
මට නිකම්ම ඇඩුනා.... අනේ දෙයියනේ කතා කලාට කතා කරන්නේ නෑ......
"අයියේ........ අනේ දෙයියනේ.... මගේ අයියේ......"
"මොකද යකෝ බෙරිහන් දෙන්නේ මේ උදේ පාන්දර... නිදාගන්න වත් දෙන්නේ නෑ......"
"මොන... හුත්තක් කරාද යකෝ කතා කරන්න නැතිව...."
කේන්තිය දුක වැඩිකමට මට අයියට ගහන්න අත ඉස්සිලා නතරවුනා....
YOU ARE READING
අදූර් || Yizhan
Fanfictionසීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කරපු නිසාම ඇස් කොන් රතු වෙලා... ටිකක් දැවිල්ලයි... ඇගිලි වලින් කෙස් අතර රැදි වතුර බින්දු ගසමින්ම මම ඇ...